Thursday , October 22 2020
Breaking News
Home / Local News / අගමැති කතරගම පුදබිමට

අගමැති කතරගම පුදබිමට

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කතරගම පුදබිමට ගොස් ආශිර්වාද ලබාගෙන තිබේ.

ඊයේ (04) පස්වරුවේ අග්‍රාමාත්‍යවරයා කිරිවෙහෙර චෛත්‍ය රාජයානන් වහන්සේ වැදපුදාගෙන ආශිර්වාද ලබාගත් බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

අනතුරුව කිරිවෙහෙර රජමහ විහාරස්ථානය වෙත ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්න හිමි බැහැදැක සුවදුක් විමසා තිබේ.

කතරගම දේවල පුදබිමට ද පැමිණි අග්‍රාමාත්‍යවරයා අෂ්ඨපල බෝධිය වන්දනාමාන කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

මේ අතර ආර්ථික පුණර්ජිවනය හා ද්‍රරිද්‍රතාවය තුරන් කිරිම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය එහි සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දීරයේදී ඊයේ රැස්වී තිබේ.

මාර්ග කිලෝමිටර් ලක්ෂයක් දියුණු කිරිමේ වැඩපිළිවෙල යටතේ පළාත් සභාවලට අයත් සියලු මාර්ග සහ පළාත් පාලන ආයතන වලට අයත් ප්‍රධාන මාර්ග වැඩිදියුණු කිරිමට මෙහිදී තීරණය කර ඇති බව වාර්තා වේ.

දේශිය අරමුදල් පමණක් භාවිතා කර මෙම මාර්ග වැඩිදියුණු කිරීමට තීරණය කර ඇති අතර මාර්ග සකස් කිරිමේ පරිසර හිතකාමී භාවය රැකගැනිමට ප්‍රමුඛතාවය ලබාදිය යුතු බව බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දී තිබේ.

උපුටා ගැනීම – අද දෙරණ

7 Views

About slmedia

Check Also

අද රාත්‍රී 10 සිට ගම්පහ දිස්ත්‍රික්කයටම නිරෝධායන ඇඳිරි නීතිය

අද (21) රාත්‍රී 10 සිට එළඹෙන සඳුදා උදෑසන 5 දක්වා ගම්පහ දිස්ත්‍රික්කයට නිරෝධායන ඇඳිරි නීතිය …