Tuesday , March 9 2021
Breaking News
Home / Local News / අධිවේගි මාර්ගයත් – දුර්ලභ ශාකයත් රැකෙන අලුත් යෝජනාවක් (VIDEO)

අධිවේගි මාර්ගයත් – දුර්ලභ ශාකයත් රැකෙන අලුත් යෝජනාවක් (VIDEO)


 
 

ගම්පහ දාරළුව ප්‍රදේශයේ ඇති ආන්දෝලනයට තුඩු දී ඇති කෘඩියා සෙලනිකා ශාකය, දැන් ලෝකයේ බොහෝ දෙනෙකු කතා කරන ශාකය බවට පත් වී අවසන්. ඒ, මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදි කිරීම් හේතුවෙන් මෙම ගසට එල්ල වී ඇති තර්ජනය හේතුවෙන්. ලෝකයෙන් වද වී ගිය බවට සැලකුණු පනුකරද හෙවත් කෘඩියා සෙලෙනිකා ශාකය යලි හමුවන්නේද මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් වෙනුවෙන් සිදු කළ පරිසර අධ්‍යයන වාර්තාවක ප්‍රතිඵලයක් ලෙසයි. 2012 වසරේදී වද වී ගිය ශාකයක් බවට නම් කරමින් රතු දත්ත පොතටද ඇතුළත් කර ඇති මෙම ශාකය හේතුවෙන් අධිවේගී මාර්ගය වෙනස් කරනවාද? එසේත් නැතිනම් මෙම දුර්ලභ වටිනා ශාකය ගලවා ඉවත් කරනවද? යන්න දැන් ඇති සංවාදයයි.

ඔහු නදීශාන් දිලූක මුණසිංහයි. ඔහු පනුකරද හෙවත් කෘඩියා සෙලෙනිකා ශාකය ඇති ඉඩමේ වත්මන් හිමිකරුවායි. කෘඩියා සෙලනිකා ශාකය කපා ඉවත් කිරීමට කිසිසේත් සූදානමක් නොමැති බව මහාමාර්ග අමාත්‍යාංශය දැනටමත් ප්‍රකාශ කර අවසන්. ශාකය වෙනත් ස්ථානයක සිටුවීම කෙරෙහි සාකච්ඡාද මේ වන විටත් ආරම්භ වෙමින් අවසන්.
එවන් පසුබිමකත් නදීශාන් දිලූක මුණසිංහ පවසන්නේ දැනට පවතින පරිසර පද්ධතියට සමාන පරිසර පද්ධතියක් මෙම ශාකයට උරුම කර දීමට තමා නිර්ලෝභී වන බවයි.

මේ යෝජනාව ඉතා සංවේදී පරිසර පද්ධතියක පිහිටා තිබෙන පනුකරද හෙවත් කෘඩියා සෙලෙනිකා අති දුර්ලභ ශාකයට (Crudia Zeylanica) එම පරිසර පද්ධතියට සමාන පරිසර පද්ධතියක් උරුම කර දිමටයි.

 

උපුටා ගැනීම – නෙත් News

9 Views

About slmedia

Check Also

බස්නාහිර පාසැල් ගැන තීරණයක් ගන්න සෞඛ්‍ය නිර්දේශ ඉල්ලයි

   බස්නාහිර පළාතේ පාසැල් හැර දිවයිනේ සියලුම පාසැල් ලබන 15 වනදා ආරම්භ කිරීමට සූදානම් බව …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *