Thursday , October 22 2020
Breaking News
Home / Local News / අන්තර්ජාලයෙන් කළ වංචාවක්

අන්තර්ජාලයෙන් කළ වංචාවක්

නවීන පන්නයේ ජංගම දුරකථන අඩු මිලට ලබා දෙන බවට අන්තර්ජාලයේ දැන්වීම් පළකර මුදල් වංචා කළ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

දකුණු පළාත් පරිගණක අපරාධ විමර්ෂණ ඒකකය මඟින් මාතර තලගහ ප්‍රදේශයේ දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

නවීන පන්නයේ ජංගම දුරකථන අඩු මිලට ලබා දෙන බව පවසමින් 32 හැවිරිදි සහ 26 හැවිරිදි වයස්වල පසුවන මෙම සැකකරු සහ සැකකාරිය බැංකු ගිණුම් වෙත මුදල් බැර කරගෙන ඇති බවට ලද පැමිණිලි මත දකුණු පළාත් පරිගණක අපරාධ විමර්ශන ඒකකය විමර්ශන ආරම්භ කර තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

උපුටා ගැනීම – අද දෙරණ

6 Views

About slmedia

Check Also

අද රාත්‍රී 10 සිට ගම්පහ දිස්ත්‍රික්කයටම නිරෝධායන ඇඳිරි නීතිය

අද (21) රාත්‍රී 10 සිට එළඹෙන සඳුදා උදෑසන 5 දක්වා ගම්පහ දිස්ත්‍රික්කයට නිරෝධායන ඇඳිරි නීතිය …