Related Articles
අපොස සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු මාසය තුළ පැවැත්වීමට කටයුතු සකසමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.
අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, ඒ අනුව ජූනි මාසය වන විට විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේ හැකියව පවතින බවය.
එමෙන්ම ජූලි මාසය වන විට එම සිසුන්ට උසස් පෙළ පන්ති ආරම්භ කිරීමේ හැකියාව පවතිනු ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

හැකිතාක් ඉක්මනින් අපොස සාමාන්‍ය පෙළ විභාගය විභාග අපේකයින්ගේ සෞඛ්‍ය සුරක්ෂිතතාවය රැකගනිමින් විභාග පැවැත්වීමේ හැකියාව සොයා බැලීම රජයේ ප්රයත්නය වන බව ද අමාත්‍යවරයා මෙහිදී කියාසිටියේය.
කොළඹ 1 – 15 දක්වා වු ප්‍රදේශය තුළ පමණක් විභාග ශාලා 154ක් ස්ථාපිත කෙරෙන බවත් ඒවායේ අපේක්ෂකයින් 24,600ක් සහභාගී වෙන බවත් පැවසු අමාත්‍යවරයා කොළඹ පවතින තත්ත්වය තුළ විභාගය පැවැත්වීම ජනවාරි මාසයේ දී සිදුකිරීම අසීරු බව ද පැවසීය.
2021 ජනවාරි මස 18 වන දින ඇරඹීමට තිබු අපොස සාමාන්‍ය පෙළ විභාගය, එදිනට ආරම්භ කිරීමට නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරීස් මහතා පසුගිය ද නිවේදනය කළේය.
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ජනාවාරි මස 18 වන දින සිට 27 වන දින දක්වා පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබුණි.
අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ පවතින තත්ත්වය යටතේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ගෙන් සියයට 50ක් පමණ පිරිසකට මේ වන විට අධ්‍යාපන කටයුතු සිදුකිරීමට නොහැකි තත්ත්වයක් පවතින බවය.
උපුටා ගැනීම – අද දෙරණ