Monday , September 21 2020
Breaking News
Home / Local News / අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නඩුවකින් ඉවත්වෙයි

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නඩුවකින් ඉවත්වෙයි

Share to LinkedInShare to PinterestShare to WhatsAppShare to Viber

 

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක් විභාග කිරීමෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් මහතා අද (16) ඉවත් වී තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී ශාන්තිනී  ස්කන්ධරාජා මහත්මිය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

එම පැමිණිල්ල අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන් ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී සභාපති විනිසුරු නවාස් මහතා විවෘත අධිකරණය ප්‍රකාශ කළේ පෞද්ගලික හේතුවක් මත තමන් මෙම නඩු විභාගයෙන් ඉවත් වන බවය.

ඒ අනුව අදාළ පැමිණිල්ල විභාග කිරීම සඳහා මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල නම් කරන බවයි අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

එම නව විනිසුරු මඩුල්ල ඉදිරියේ පැමිණිල්ල නැවත ඔක්තෝම්බර් මස 20 වනදා කැඳවීමට ද දින නියම වුණි.

ඉකුත් වසරේ අපවත් වූ මුලතිව් ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති හිමියන්ගේ ආදාහන කටයුතුවලට අදාළව මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කළ නියෝගයක් උල්ලංඝනය  කිරීම තුළින් අධිකරණයට අපහාස කර ඇතැයි චෝදනා කරමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්, මුලතිව් ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සහ මුලතිව් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

උපුටා ගැනීම – අද දෙරණ

13 Views

About slmedia

Check Also

සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ මුස්ලිම් දේශපාලකයන්ගේ බලපෑම් නිසයි – හිටපු ආරක්ෂක ලේකම්

  පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරය වළක්වා නොගැනීමේ වගකීම තමන් කිසිවිටකත් භාරනොගන්නා බව හිටපු ආරක්ෂක ලේකම් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *