Tuesday , March 9 2021
Breaking News
Home / Local News / ඉතිහාසය වෙනස් කරමින් ජිනීවා මානව හිමිකම් සමුළුව අද ඇරඹේ

ඉතිහාසය වෙනස් කරමින් ජිනීවා මානව හිමිකම් සමුළුව අද ඇරඹේ


 
 

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය අද ආරම්භ වනවා. ඒ, ස්විට්ස්ර්ලන්තයේ ජිනීවාහිදීයි. මෙවර සැසිවාරය මාර්තු 23වනදා දක්වා පැවැත්වෙනවා. මෙවර කවුන්සිලයේ ප්‍රධාන සැසිවාරය හෙට සිට ලබන 24වනදා දක්වා පැවැත්වෙනවා. රටවල් 130කට වැඩි සංඛ්‍යාවක් නියෝජනය කරන නියෝජිතයින් මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම වෙනුවෙන් එක් එක් රටවල් දරණ උත්සාහයන් හා ගෙන ඇති ක්‍රියාමර්ග එහිදී පැහැදිලි කිරීමට නියමිතයි. 

මෙවර සැසිවාරය සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක්ද ඉදිරිපත් කර තිබෙනවා. එය හෙට දිනයේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරුණු ඇති. මේ අතරතුර සම අනුග්‍රාහකත්වය දැරූ රටවල් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කවුන්සිලයට නව යෝජනාවලියක් ද ගෙනවිත් තිබෙනවා. ඒ,         ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන්. 

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මීට පෙර ඉදිරිපත්වූ යෝජනාවලියට සම අනුග්‍රාහකත්වය දැරූ රටවල් වන එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය, උතුරු මෙසිඩෝනියාව, මොන්ටෙනිග්‍රෝ සහ මලාවි රාජ්‍යය නව යෝජනාව ඉදිරිපත් කළ රටවල් වනවා. කෙසේවෙතත් යටිතල පහසුකම් නැවත ගොඩනැගීම, බිම්බෝම්බ ඉවත් කිරීම, ඉඩම් නැවත ලබාදීම සහ අභ්‍යන්තර අවතැන්වූවන් නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ප්‍රගතියක් අත්කරගෙන ඇති බව ද එම නිවේදනයේ සඳහන්. 

එහෙත්, රට තුළ තිරසාර සාමයක් ගොඩ නැගීමට සහ යුද්ධයේ හානිකර උරුමයන් විසඳීම සඳහා තවත් බොහෝදේ සිදු කළ යුතු බවයි එම රටවල් අවධාරණය කර ඇත්තේ.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයට ඉදිරිපත් වී ඇති යෝජනා ශ්‍රී ලංකාවට අභියෝගයක්ද? විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගෙන් නෙත් නිවුස් ඒ පිළිබඳ විමසා සිටියා. 

මානව හිමිකම් ප්‍රවර්ධනයට ශ්‍රී ලංකාව මේ දක්වා ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රමාණවත්ද?

මේ අතර රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගමද කියා සිටියේ ශ්‍රී ලංකාවට එරෙහිව මීට පෙර ඉදිරිපත් වු යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වීම හේතුවෙන් ගැටලු රැසකට මුහුණ දීමට සිදු වු බවයි.

මේ අතර  කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ දේහයන් අනිවාර්යෙන් ආදාහනය කිරීමේ මෙරට ප්‍රතිපත්තිය, ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට සුදානම් වන යෝජනා අතර ප්‍රමුඛ වන බවටද වාර්තා වනවා.

කෙසේවෙතත් මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ විසින් ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරිපත් කර ඇති වාර්තාව, බි්‍රතාන්‍යයේ නෙස්බි සාමිවරයාද දැඩි ලෙස විවේචනය කර ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබෙනවා. බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකාව පිළිබඳ මන්ත්‍රී කණ්ඩායමේ සභාපතිවරයාද වන ඔහු අවධාරණය කර ඇත්තේ එල් ටී ටී ඊයේ කෘරත්වය පිළිබඳ මහ කොමසාරිස්වරියගේ වාර්තාවේ තොරතුරු ඇතුළත්ව නොමැති බවයි. 

මේ අතර පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර මානව හිමිකම් සැසිවාරය අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීමට නියමිතයි ඒ ඉතිහාසයේ පළමු වරටයි.    

උපුටා ගැනීම – නෙත් News

11 Views

About slmedia

Check Also

පිරිමින් ලැජ්ජා විය යුතු කරුණක් ගැන ඇමති ඩලස් පෙන්වා දෙයි

   රටට වැඩිම විදේශ විනිමයක් ගෙන එමින් ආර්ථිකයට කාන්තාවන් ශක්තිය ලබාදෙන බවත්, ඒ පිළිබඳ පිරිමින් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *