Monday , September 21 2020
Breaking News
Home / Local News / උපාධිධාරී රැකියා වැඩසටහන – අභියාචනා සඳහා දී ඇති කාලය අදින් අවසන්

උපාධිධාරී රැකියා වැඩසටහන – අභියාචනා සඳහා දී ඇති කාලය අදින් අවසන්

රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ අයඳුම්පත් ප්‍රතික්ෂේප වූ අයදුම්කරුවන් පිරිසකට අභියාචනා ඉදිරිපත්කිරීම සඳහා ලබා දි ඇති කාලය අදින් අවසන් වේ.

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකත්වය තිබීම හා රැකියාවක නිරතවීම යන කරුණු ප්‍රතික්ෂේප වීමේ හේතු ලෙස සඳහන් කර ඇති අයඳුම්කරුවන්ට එලෙස අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව සලසා දී තිබුණි.

ඒ අනුව www.pubad.gov.lk අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ පළකර ඇති දැන්වීම අනුව සිය අභියාචනය සකස් කර එය තම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉදිරිපත් කරන ලෙස රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කර තිබුණි.

එලෙස ඉදිරිපත් වන අභියාචනා සැලකිල්ලට ගනිමින් සුදුසුකම් ලබන උපාධිධාරීන් අභ්‍යාසලාභී පුහුණුව සඳහා කැඳවීමට අපේක්ෂා කරන බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

කෙසේවෙතත් “අද දෙරණ“ කළ විමසීමකට පිළිතුරු දෙමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සදහන් කළේ අභියාචනා කාලය දීර්ඝ කිරීමට හෝ යළි සලකා බැලීම සම්බන්ධයෙන් මේ වන තෙක් තීරණයක් ගෙන නොමැති බවය.

මේ අතර අද දිනයේදී ද ඕනෑම පුද්ගලයෙකුට අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතියි.

උපුටා ගැනීම – අද දෙරණ

10 Views

About slmedia

Check Also

පාර්ලිමේන්තු කාරක සභා සභාපතිවරුන්ට වැඩමුලුවක්

  පාර්ලිමේන්තුවේ කාරක සභා සභාපතිවරු 12 දෙනා සදහා ලබන සදුදා වැඩමුලූ‍වක් පැවැත්වෙනවා.  ඒ, පස්වරු 2ට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *