Thursday , November 26 2020
Home / Local News / එකම පවුලේ තිදෙනෙක්ට කොවිඩ් – කඩවත බංගලාවත්තට සංචරණ සීමා

එකම පවුලේ තිදෙනෙක්ට කොවිඩ් – කඩවත බංගලාවත්තට සංචරණ සීමා

කොරෝනා ආසාදිතයින් 06 දෙනෙකු හඳුනාගැනීමත් සමග කඩවත, රන්මුතුගල බංගලාවත්ත ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමට පියවර ගෙන තිබේ.

කඩවත මහර මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රදීප් වේරගල මහතා පවසා සිටියේ, ඊයේ (20) රාත්‍රී 7.30ට පමණ එම ප්‍රදේශයට සංචරණ සීමා පැනවු බවය.

“රෝගීන් 6 දෙනෙක් වාර්තා වුණා. ඒ වාර්තා වීමත් සමග තමයි ක්ෂණිකව ක්‍රියාමාර්ග ගත්තේ. අද අපි මේ ප්‍රදේශයේ පළවෙනි ආශ්‍රිතයින් 200කට ආසන්න ප්‍රමාණයක පීසීආර් පරීක්ෂණ සිදුකරනවා.“

එකම පවුලේ තිදෙනෙක් මෙලෙස කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇතැයි ද පැවසු ඒ මහතා, මාළු වෙළෙන්දෙක්, ඔහුගේ බිරිඳ සහ පුත්‍රයා ඒ අතර වන බව පැවසීය.

උපුටා ගැනීම – අද දෙරණ

19 Views

About slmedia

Check Also

හුදෙකලා කර ඇති ප්‍රදේශවල ජීවත් වන ජනතාවට තවත් සහන‍යක්

       කොළඹ දිස්ති‍්‍රක්කයේ දැනට හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල ජීවත්වන ජනතාව සඳහා සහන සැලසීමේ …