Tuesday , March 9 2021
Breaking News
Home / Local News / එජාප නායකත්වය යටතේ 2024 ආණ්ඩුවක් පිහිටුවනවා – පක්ෂ සභාපති කියයි

එජාප නායකත්වය යටතේ 2024 ආණ්ඩුවක් පිහිටුවනවා – පක්ෂ සභාපති කියයි


 
 

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ 2024දී ස්ථීර වශයෙන්ම ආණ්ඩුවක් පිහිටුවන බව පක්ෂ සභාපති වජිර අබේවර්ධන පවසනවා. ඔහු පැවසුවේ 2024දී ආණ්ඩු බලය ලබා ගැනීම සඳහා මේ වනවිට විපක්ෂයේ සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයින් පිරිසක් සමඟ සාකච්ඡා පවත්මින් සිටින බවයි.

බලපිටිය සහ අම්බලන්ගොඩ එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල රැස්වීමට සහභාගී වෙමින් ඔහු මේ බව සඳහන් කළා. 

පක්ෂ සභාපති වජිර අබේවර්ධන සඳහන් කළේ ආණ්ඩුව ලබා ගැනීම සඳහා වන සැලසුම් සම්පූර්ණයෙන්ම අනාවරණය කළ නොහැකි බවත් එය නුදුරේදී දැනගැනීමට හැකි වනු ඇති බවයි. වත්මන් ආණ්ඩුව ගෙන යන වැඩ පිලිවෙළ කෙරෙහි දැඩි කළකිරීමකට හා අපේක්ෂා භංගත්වයකට පත්ව සිටින ආණ්ඩුවේ අමාත්‍යවරුන් 2024 දී නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා දැඩි උනන්දුවකින් කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
 

උපුටා ගැනීම – නෙත් News

10 Views

About slmedia

Check Also

බස්නාහිර පාසැල් ගැන තීරණයක් ගන්න සෞඛ්‍ය නිර්දේශ ඉල්ලයි

   බස්නාහිර පළාතේ පාසැල් හැර දිවයිනේ සියලුම පාසැල් ලබන 15 වනදා ආරම්භ කිරීමට සූදානම් බව …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *