Related Articles
මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවත ප්‍රදේශයේ පස්මහල් නිවස කඩා වැටීමේ සිද්ධිය පිළිබඳව මේ වනවිට පුළුල් විමර්ශන ක්‍රියාත්මක කර ඇත.
කෙසේ වෙතත් කඩාවැටුණු නිවසේ හිමිකරු අද (21) මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ තමන් නිසි ප්‍රමිතියට නිවස ඉදිකර තිබූ බවය.
මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවත ප්‍රදේශයේ පස්මහල් නිවසක් ඊට පහළින් පිහිටි කුඩා හෝටලයක් මතට කඩා වැටීමෙන් එකම පවුලේ මව, පියා සහ බිළිඳියට ඊයේ (20) දිවි අහිමි විය.

ඔවුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු මහනුවර රෝහලේදී අද සිදුකිරීමෙන් අනතුරුව දේහයන් ඥාතීන් වෙත භාරදීමට නියමිතය.
කඩා වැටුණු පස්මහල් නිවස දොඩංවල නාථ දේවාලයේ හිටපු බස්නායක නිලමේවරයෙකු වූ අනුර ලෙව්කේ මහතාට අයත් එකක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිස් නිලධාරීන් ඊයේ ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.
අද ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරන බව පොලීසිය සඳහන් කළේය.
සිද්ධිය පිළිබඳව මාධ්‍යට අදහස් දක්මවමින් අනුර ලෙව්කේ මහතා පැවසුවේ තමන් නිසි ප්‍රමිතියට නිවස ඉදි කර ඇති බවය.
පෞද්ගලික ගොඩනැගිලි ඉදිකිරීම් සමාගමක් මාර්ගයෙන් මෙම නිවස ඉදිකළ බවත් ඒ සඳහා ඉදිකිරීම් කටයුතු නීතියානුකුල ලෙස අවසර ලබා ගෙන සිදු කළ බවද ඒ මහතා පැවසීය.
මේ අතර මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා ඊයේ රාත්‍රියේ සිද්ධිය වූ ස්ථානය නිරීක්ෂණය කළ අතර මියගිය අයගේ ඥාතීන්ද හමුවිය.
මේ අතර පේරදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා සිද්ධිය වූ ස්ථානය අද නිරීක්ෂණය කළේය.
ඔහු පැවසුවේ නිසි ප්‍රමිතියකට අනුව මෙම නිවස ඉදිකර නොමැති වීම මෙම අනතුරට හේතු විය හැකි බවය.
ගොඩනැගිල්ල කඩාවැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් ඊයේ දිනයේම පරීක්ෂණ ආරම්භ කළ අතර එම පරීක්ෂණ තවදුරටත් සිදුකෙරෙයි.