Monday , September 21 2020
Breaking News
Home / Local News / කොරෝනා පිළිබඳ ලංකාවේ අලුත්ම තත්ත්වය මෙන්න

කොරෝනා පිළිබඳ ලංකාවේ අලුත්ම තත්ත්වය මෙන්න

 

මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 3,262 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, විදෙස්ගතව සිට දිවයිනට පැමිණි තවත් පුද්ගලයින් 28 දෙනෙකු ඊයේ (14) නව්‍ය කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගැනීමත් සමගයි.

මේ වනවිට නව්‍ය කොරෝනා ආසාදිතයින් 244 දෙනෙකු රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී මෙරට රෝහල්වලින් ප‍්‍රතිකාර ලබා සුවය ලැබූ පුද්ගලයින් ගණන (3005) තුන්දහස් පස් දෙනෙකු දක්වා  ඉහළ ගොස් තිබෙනවා.  මේ වනවිට මෙරටින් වාර්තා වන කොරෝනා මරණ ගණන 13 ක්.        

මේ අතර, ති‍්‍රවිධ හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටි තවත් පුද්ගලයින් 11 දෙනෙකු අද සිය නිරෝධායනය අවසන් කර නිවෙස් බලා පිටත්ව ගොස් ඇති බවයි කෝවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.                

උපුටා ගැනීම – නෙත් News

9 Views

About slmedia

Check Also

සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ මුස්ලිම් දේශපාලකයන්ගේ බලපෑම් නිසයි – හිටපු ආරක්ෂක ලේකම්

  පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරය වළක්වා නොගැනීමේ වගකීම තමන් කිසිවිටකත් භාරනොගන්නා බව හිටපු ආරක්ෂක ලේකම් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *