Saturday , October 24 2020
Home / Local News / කෝට්ටේ රජමහා විහාරයේ භික්ෂූන් දෙනමක් ඝාතනය කළ පුද්ගලයාට අධිචෝදනා ගොනු කෙරේ

කෝට්ටේ රජමහා විහාරයේ භික්ෂූන් දෙනමක් ඝාතනය කළ පුද්ගලයාට අධිචෝදනා ගොනු කෙරේ

2012 වසරේ කෝට්ටේ රජ මහා විහාරයේ වැඩ වාසය කළ භික්ෂූන් වහන්සේලා දෙනමක් ඝාතනය කළේ යැයි චෝදනා එල්ල වී සිටින සැකකරුට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දුන්නේය.

කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ එම නඩුවේ විත්තිකරු ලෙස නම් කර සිටින එන්.ඒ. සුරේෂ් චානක නමැත්තාට නීතිපතිවරයා විසින්ගොනුකර තිබූ අධිචෝදනා පත්‍ර භාර දෙනු ලැබීය.

මෙම සැකකරු දැනට කොළඹ මහාධිකරණය මඟින් ඇප මත මුදාහැර සිටී.

2012 වසරේ මාර්තු මස 20 වනදා දැනට මියගොස් සිටින පතිරාජ හර්ෂ මංජු ශ්‍රී මනිකීර්ති නැමැත්තා සමග එක්ව පිටකෝට්ටේ රජමහා විහාරයේ වැඩවිසූ බොරලැස්ගමුවේ ගුණරත්න හිමියන් සහ පිටිගල ජිනසිරි යන හිමිවරු ඝාතනය කිරීම තුළින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296 වන වගන්තිය යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් එම සැකකරුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර තිබේ.

උපුටා ගැනීම – අද දෙරණ

5 Views

About slmedia

Check Also

පාස්කු ප්‍රහාරයේ සැකකරුගේ වෑන් රථය

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් විසින් පවත්වාගෙන ගොස් තිබූ නුවරඑළිය පුහුණු කඳවුරකට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *