Monday , September 21 2020
Breaking News
Home / Local News / කෝටි 6ක් වංචා කළ විදෙස් ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

කෝටි 6ක් වංචා කළ විදෙස් ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

විදෙස් රටවල ලොතරැයි දිනුම් ඇදී ඇති බවට හා විදෙස් රටකින් වටිනා ත්‍යාගයක් ලැබී ඇති බවට පවසමින් අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කළ විදෙස් ජාතිකයින් 14 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය හා තොරතුරු කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ලාල් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, නයිජීරියානු, චීන සහ පිලිපීන ජාතිකයින් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවය.

ඔවුන් විසින් රුපියල් කෝටි 06කට අධික මුදලක් වංචා කර ඇති බවට පැමිණිලි 101ක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට මේ වන විට ලැබී ඇති බව නියෝජ්‍ය පොලිස්පති ලාල් සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

මේ අතර සුරාබදු දෙපාර්තමේන්තු ව සහ වාඩබලන පොලිස්පතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් අද (17) දිනයේ පැවැත්විමට නියමිත ව තිබේ.

සුරාබදු දෙපාර්තමේන්තු වේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු අධිකාරි කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ, දෙපාර්තමේන්තු මට්ටමින් සිදුකරන වැටලීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙහි අරමුණ බවය.

උපුටා ගැනීම – අද දෙරණ

10 Views

About slmedia

Check Also

පළාත් පාලන ආයතන හරහා අවසන් කටයුතු කිරීමේදි ගෙවනා ගාස්තුත් ඔන්ලයින් වෙයි

  මියගිය පුද්ගලයෙකු වෙනුවෙන් භූමිදානය හෝ ආදාහනාගාරය වෙන් කිරීම ඔන්ලයින් ක‍්‍රමයට සිදු කිරීමේ ක‍්‍රියාවලියක් ආරම්භ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *