Monday , September 21 2020
Breaking News
Home / Local News / ගිනිගත් නෞකාව රඳවා ගැනීමේ වාසි අවාසි ගැන සාකච්ඡා

ගිනිගත් නෞකාව රඳවා ගැනීමේ වාසි අවාසි ගැන සාකච්ඡා

 

ගිනි ගැනීමට ලක්වූ MT නිව් ඩයමන්ඞ් නෞකාවෙන් ගෙන ආ ඉන්ධන සාම්පල අද (15) දිනයේ රජයේ රස පරීක්ෂක වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ පිළිබඳ කරුණු දැක්වූ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප‍්‍රදීප් කුමාර කියා සිටියේ “මීට පෙර අප සාම්පල ලබා ගත්තේ නෞකාව ආශ්‍රිත මුහුදේ ඇති ජලයෙන්. දැන් අප අදාළ නෞකාවට පිවිසිලා නෞකාවේ විවිධ ස්ථානවලින් තෙල් සාම්පල ලබා ගත්තා. “ යනුවෙනි. 

මේ අතර, ගිනිගත් නෞකාව සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි කි‍්‍රයාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට නීතිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ සාකච්ඡාවක් පැවැත්වුණා.

ඒ සම්බන්ධයෙන් ද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප‍්‍රදීප් කුමාර කරුණු දැක්වූවා.

එහිදී “අදාළ නෞකාව ලංකාවට රැගෙන එනවාද?. එහෙමත් නැතිනම් නෞකාව ලංකාවෙන් පිටතට යවනවාද? එසේ කිරීමෙන් ඇති වාසි අවාසි තත්ත්වයන් මොනවාද?…ආදී වශයෙන් කරුණු සාකච්ඡා කළා. හානි පූර්ණ, නීති කටයුතු, දඩ පැනවීම් පිළිබඳවත් සාකච්ඡා කළා. රටක් වශයෙන් ගන්න පුළුවන් හොඳම තීරණය ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.” යනුවෙන් සඳහන් කළා.

 

උපුටා ගැනීම – නෙත් News

8 Views

About slmedia

Check Also

පාර්ලිමේන්තු කාරක සභා සභාපතිවරුන්ට වැඩමුලුවක්

  පාර්ලිමේන්තුවේ කාරක සභා සභාපතිවරු 12 දෙනා සදහා ලබන සදුදා වැඩමුලූ‍වක් පැවැත්වෙනවා.  ඒ, පස්වරු 2ට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *