Thursday , November 26 2020
Home / Local News / ජනතාවගේ පරමාධිපත්‍ය බලය පුද්ගලයෙක් වටා එක්වෙනවට අපි විරුද්ධයි -අකිල විරාජ්

ජනතාවගේ පරමාධිපත්‍ය බලය පුද්ගලයෙක් වටා එක්වෙනවට අපි විරුද්ධයි -අකිල විරාජ්

ජනතාව විසින් ජනාධිපතිවරයාට ලබා දී ඇත්තේ විධායක බලය මිස ව්‍යවස්ථාදායක බලය නොවන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

20 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීමේ අවස්ථාවට අධිකරණයට ඊයේ (29) පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළා.

මෙහිදී අදහස් දැක්වු ඒ මහතා, 

“එක්සත් ජාතික පක්ෂය 20 වෙනි ව්‍යවස්ථා කෙටුම්පතට පෙත්සම් දෙකක් ගොනු කළා. ඒ වගේම අපි ඒ සඳහා විරෝධතාවය පළ කරනවා. මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය පුද්ගලයෙක් වටා එක්වෙනවට අපි විරුද්ධයි. විශේෂයෙන්ම ස්වාධීන කොමිෂන් සභා, ඒ වගේම විගණනය, ජනාධිපතිවරයාගේ මුක්තිය ආදි කරුණු ගණනාවක් කෙරෙහි අපි අවධානය යොමු කරලා තියෙනවා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය විදියට අපේ විරෝධය පළ කරලා තියෙනවා විතරක් නෙමෙයි. ඒ වෙනුවෙන් අධිකරණයට එන්නත් අපි තීරණය කළා. පාර්ලිමේන්තුවට සංශෝධනය කරන්න එකඟවෙනවා නම් ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ, ආණ්ඩුව කෙටුම්පතක් වශයෙන් ගෙනල්ලා තියෙන දේවල් බැලුවහම අපිට කිසිසේත්ම මේ රටේ නිදහස අගයන, මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය අගයන කිසිවෙකුට එකඟ වෙන්න පුළුවන් දේවල් නෙමෙයි. ජනාධිපතිතුමාට බලය දුන්නේ, විධායක බලය මිසක් ව්‍යවස්ථාදායක බලය නෙමෙයි. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට තමයි ජනතා පරමාධිපත්‍ය බලය ඒ සඳහා ලබා දීලා තියෙන්නේ.“යනුවෙන් පැවසීය.

 
උපුටා ගැනීම – අද දෙරණ 
8 Views

About slmedia

Check Also

හුදෙකලා කර ඇති ප්‍රදේශවල ජීවත් වන ජනතාවට තවත් සහන‍යක්

       කොළඹ දිස්ති‍්‍රක්කයේ දැනට හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල ජීවත්වන ජනතාව සඳහා සහන සැලසීමේ …