Saturday , October 24 2020
Home / Local News / ජනතාව සහය ලබා දුන්නොත් රට වසා දැමීමේ අවශ්‍යතාවයක් නැහැ – වෛද්‍ය ජයරුවන් බණ්ඩාර

ජනතාව සහය ලබා දුන්නොත් රට වසා දැමීමේ අවශ්‍යතාවයක් නැහැ – වෛද්‍ය ජයරුවන් බණ්ඩාර

මොරටුව මොරටුමුල්ල ශ්රී ප්රේමරත්න මාවතෙන් ඊයේ හඳුනා ගනු ලැබූ COVID 19 ආසදිත කාන්තාව මොරටුමුල්ල කුසගිනිවත්ත ප්රදේශයේ පදින්චිකාරියක බව තහවුරු වී තිබෙනවා.
එම කාන්තාව දිවුලපිටිය ප්රදේශයේ ඇගේ ඥාතියකුගේ මංගල උත්සවයකට සහභාගී වී ඇති අතර ඈත් සමග මොරටුව ප්රදේශයෙන් 170කට අධික පිරිසක් බස් රථ වලින් එම උත්සවයට සහභාගී වී ඇති බවට තොරතුරු අනාවරනය වී තිබෙනවා.
වාර්තා දැක්වෙන්නේ මෙම කාන්තාව තාපසාරාම විහාරස්ථානයේ පැවතී කථින පින්කමකටද සහභාගී වී ඇති බවයි.
මහජන සෞඛ්ය පරීක්ෂකවරුන් පෙරදින රාත්රියේ එම කාන්තාවගේ අශ්රීතයින් හඳුනාගැනීමට මෙහෙයුමක් දියත් කල අතර එම පුද්ගලයින්ගේ නිවෙස් නිරෝධායනයට ලක් කර තිබෙනවා.
මේ අතර එම කාන්තාව පදිංචි කුසගිනිවත්ත ප්රදේශය මේවන විට හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා.
අද දිනයේ මොරටුමුල්ල ශු.පාවුල් තුමාගේ දේවස්ථාන පරිශ්රයේ PCR පරීක්ෂණ සිදු කෙරෙන අතර මහජන සෞඛ්ය පරීක්ෂකවරුන් එම මංගල උත්සවයට සහභාගී වූවන්ගෙන් සහ එම කාන්තාවගේ ආශ්රීතයින්ගෙන් ඉල්ලා සිටින්නේ එම පරීක්ෂණයට ඉදිරිපත්ව සහය දක්වන ලෙසයි.
උපුටා ගැනීම – නෙත් News
16 Views

About slmedia

Check Also

පාස්කු ප්‍රහාරයේ සැකකරුගේ වෑන් රථය

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් විසින් පවත්වාගෙන ගොස් තිබූ නුවරඑළිය පුහුණු කඳවුරකට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *