Related Articles
ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කරන යෝජනාවලියට මුහුණදීමට සූදානම් බව ආණ්ඩුව පවසනවා. විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසුවේ ඊට මුහුණ දීමට ශ්‍රී ලංකාව දැනටමත් සූදානමින් පසුවන බවයි.
ශ්‍රී ලංකාව සම්බන්ධයේන ජාත්‍යන්තරයේ ඇතැම් පාර්ශව චෝදනා එල්ල කරන්නේ කිසිදු නිවැරිදි අවබෝධයකින් තොරව බව අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් ද අද ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය සම්බන්ධයෙන් එළඹෙන සතියේදී මානව හිමිකම් කවුන්සිලයට තොරතුරු ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46වන සැසිවාරය හෙට ජිනීවාහීදි ආරම්භ වනවා. එය මාර්තු 23 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
උපුටා ගැනීම – නෙත් News
10 Views
Share on:
WhatsApp