Thursday , November 26 2020
Home / Local News / ජීවිත ආරක්ෂාව ඉල්ලා පොඩි ලැසීගෙන් පෙත්සමක්

ජීවිත ආරක්ෂාව ඉල්ලා පොඩි ලැසීගෙන් පෙත්සමක්

ඳවාගෙන සිටින තමන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාතාල කල්ලි නායකයකු බව කියන ජනිත් මධුශංක හෙවත් ‘පොඩි ලැසී‘ විසින් සිය නීතිඥවරිය මාර්ගයෙන් ගොනු කළ පෙත්සමක් විභාග කිරීම සඳහා අභියාචනාධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබේ.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය කළේය.

ඒ අනුව පෙත්සම නැවත නොවැම්බර් මස 10 වනදා කැඳවීමට නියම කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින බූස්ස බන්ධනාගාර අධිකාරීවරයා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් වෙත නොතීසි නිකුත් කරන ලෙසද නියෝග කළේය.

‘පොඩි ලැසී‘ තම නීතිඥවරිය මාර්ගයෙන් අධිකරණයට දැනුම් දී තිබෙන්නේ අපරාධ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින තමන්ව මේ වන විට බූස්ස බන්ධනාගාරයේ රඳවා තිබෙන බවය.

බන්ධනාගාරය තුළදී තමන්ට දැඩි ජීවිත තර්ජන එල්ල ව ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරු බන්ධනාගාරගතව සිටින පුද්ගලයෙකුගේ ජීවිත ආරක්ෂාව සහතික කිරීමට බන්ධනාගාර බලධාරීන් බැඳී සිටින බව ද කියාසිටියේය.

ඒ අනුව බන්ධනාගාරගතව සිටින තමන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන් වෙත නියෝගයක් කරන ලෙස ඔහු මෙම පෙත්සමෙන් ඉල්ලා සිටියි.

උපුටා ගැනීම – අද දෙරණ
 
12 Views

About slmedia

Check Also

හුදෙකලා කර ඇති ප්‍රදේශවල ජීවත් වන ජනතාවට තවත් සහන‍යක්

       කොළඹ දිස්ති‍්‍රක්කයේ දැනට හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල ජීවත්වන ජනතාව සඳහා සහන සැලසීමේ …