Saturday , February 27 2021
Breaking News
Home / Local News / දේශීය ඇඳුමකින් සැරසී සේවයට එන්නැයි දයාසිරිගෙන් ඉල්ලීමක්

දේශීය ඇඳුමකින් සැරසී සේවයට එන්නැයි දයාසිරිගෙන් ඉල්ලීමක්

සෑම සිකුරාදා දිනකම දේශීය ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කරන ලෙස රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා රජයේ  සේවකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

පන්නල ප්‍රදේශයේ පසුගියදා පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු එම ඉල්ලීම කළේය.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ ඇඳිය යුතු ඇඳුම සම්බන්ධ නිර්දේශ ඉදිරියේදී දැනුම්වත් කරන බවය.

මෙය නීතියක් නොවන බවත් දේශිය කර්මාන්ත නගා සිටුවීමට නම් දේශීය නිර්මාණ ගැන අගයක් තිබිය යුතු බවත් ඒ මහතා පැහැදිලි කළේය.

එමෙන්ම බතික් කර්මාන්තයට ද නව මුහුණුවරක් ඇති කිරීමට කටයුතු කිරීමට ඒ සඳහා නව නිර්මාණ හඳුන්වාදීමට කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

 

උපුටා ගැනීම – අද දෙරණ
14 Views

About slmedia

Check Also

පාස්කු කොමිසමේ වාර්තාව මැතිසබට ඉදිරිපත් කිරීමේ තීරණයක්

   පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වාර්තාව අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට …