Saturday , January 16 2021
Breaking News
Home / Local News / නිලධාරිනියකට පහර දුන් ප්‍රධාන ඉංජිනේරුවරයා පොලිස් අත්අඩංගුවට

නිලධාරිනියකට පහර දුන් ප්‍රධාන ඉංජිනේරුවරයා පොලිස් අත්අඩංගුවට


 

 

 
 

බස්නාහිර පලාත්බද මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පොල කාර්යාලයේ කළමනාකරණ සහකාර නිලධාරිනියකට පහර දුන් එම කාර්යාලයේ ප්‍රධාන ඉංජිනේරුවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

දුරකථන අංකයක් ලබාදීමට ප්‍රමාද වූ බව කියමින් තමන්ට බැණ වැදුණු බවත් පසුව මෙලෙස පහරදුන් බවට එම නිලධාරිනිය චෝදනා නගා තිබුණා.

මේ අතර මෙම පහරදීම සම්බන්ධයෙන් ඉංජිනේරුවරයාගේ වැඩතහනම් කිරීමට පියවර ගෙන ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා සඳහන් කර සිටින්නේ.

කෙසේ හෝ පහර දෙන අවස්ථාවේදී එම නිලධාරිනිය විසින් එය සිය ජංගම දුරකථනයේ පටිගත කර ගෙන තිබු අතර පසුව මාධ්‍ය හා සමාජ මාධ්‍ය තුල හුවමරුවිමත් සමග ඒ සම්බන්ධයෙන් සමාජයේ දැඩි අවධානයක් යොමු වී තිබුණා.

උපුටා ගැනීම – නෙත් News

10 Views

About slmedia

Check Also

විදෙස්ගත තවත් ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

   නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව සිටි විදෙස්ගත තවත් ශ‍්‍රී ලාංකිකයින් 645 …