Monday , September 21 2020
Breaking News
Home / Local News / නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නම භාවිතා කරමින් රට පුරා මුදල් එකතු කළ සැකකරු අල්ලයි

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නම භාවිතා කරමින් රට පුරා මුදල් එකතු කළ සැකකරු අල්ලයි

 

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නම අවභාවිතා කරමින් රට පුරා ගොස් මුදල් එකතු කළ තවත් පුද්ගලයෙකු ජනතාවගේ අවධානය හේතුවෙන් පොලිස් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා.

අදාළ පුද්ගලයා ගයාන් චානක පෙරේරා නැමැති මහනුවර ප්‍රදේශයේ අයෙක්.

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ කළමනාකාරීත්වය පෙන්වා දෙන්නේ සිය නම භාවිතා කරමින් ලංකාවේ කිසිඳු ප්‍රදේශයක මුදල් එකතු කිරීම්, අත්පත්‍රිකා බෙදීම්, සම්මාදම් එකතු කිරීම් සිදු නොකරන බවයි.

විවිධ අවස්ථාවලදී විවිධ පුද්ගලයින් නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නම භාවිතා කරමින් වෙළඳසැල්වලින් භාණ්ඩ මිලදී ගැනීම් ද සිදු කර ඇති බැවින් එවැනි අවස්ථාවලදී සිය කළමණාකාරීත්වය දැනුවත් කරන ලෙසයි දැනුම් දෙන්නේ. ඒ සඳහා 081 207 90 88 හෝ 011 73 73 73 0 යන අංක ඔස්සේ දැනුම් දිය හැකියි.

උපුටා ගැනීම – නෙත් News

14 Views

About slmedia

Check Also

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ගැන රජයේ ස්ථාවරය මෙන්න

  කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය රාජ්‍ය දේපළක් ලෙස පවත්වාගෙන යාමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා. නැගෙනහිර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *