Tuesday , March 9 2021
Breaking News
Home / Local News / පාර්ක් ඇන්ඩ් රයිඩ් සිටිබස් ගමන් අරඹන ස්ථාන

පාර්ක් ඇන්ඩ් රයිඩ් සිටිබස් ගමන් අරඹන ස්ථාන

මහරගම නගරයේ බස් නැවතුම්පොළ ආශ්‍රිතව සහ ඒ අවට වෙළඳසැල් පසුගියදා ඉවත්කිරීමට යෑමේදී ඇති වූ ගැටලුව සම්බන්ධයෙන් අද (15) උදෑසනත් උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණි.

කෙසේ වෙතත් මහරගම නගර සභාවේ හිටපු සභාපතිනි කාන්ති කොඩිකාර මහත්මිය පැවසුවේ අදාළ වෙළෙඳසැල් හෙට (16) සිට යළි විවෘත කිරීමට අවසර ලබාගත් බවය.

මහරගම නගර සභාවට අයත් පැරණි බස් නැවතුම්පොළ භූමියේ හා ඒ අවට පවත්වාගෙන යන අනවසර වෙළඳසැල්වලින් කොටසක් පොලීසිය විසින් ඉවත් කිරීමට යාමත් සමඟ ඊට වෙළඳුන්ගේ විරෝධය පළවී තිබුණි.
             
නගර සභාවේ සභාපතිවරයා පැමිණ පොලීසියට ප්‍රකාශ කළේ ඉවත් කරන්නේ නම් සියලු වෙළෙඳසැල් ඉවත්කර දැමිය යුතු බවය.

එම අවස්ථාවේ එහි උණුසුම් තත්වයක් හටගත් අතර ඒ හේතුවෙන් ඊයේ පෙරවරුවේ සිට වෙළෙඳුන්ට එහි සිය වෙළෙඳාම් සිදුකිරීමට අවස්ථාව නොලැබුණි.

මහරගම නගර සභාවේ පක්ෂ විපක්ෂ නාගරික මන්ත්‍රීවරුන් අද පෙරවරුවේ ද එම ස්ථානයට පැමිණි අතර ඔවුන් මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ වහාම පොලීසිය ඉවත් කොට වෙළඳුන්ට කඩ පවත්වා ගැනීමට අවස්ථාව ලබාදිය යුතු බවය.

මහරගම නගර සභාවේ නාගරික මන්ත්‍රී නිශාන්ත විමලචන්ද්‍ර මහතා, “මේ වෙලාවේ කොවිඩ් වසංගතයක් තියෙන්නේ. හැමෝටම අමාරුයි. අහිංසක ව්‍යාපාරිකයන් පාන්දර කරන ව්‍යාපාරය නගරයට බාධාවක් නෑ. ඔවුන් 7.30 වෙනකොට යනවා. ඒ නිසා එක මනුස්සයෙකුටවත් අත තියන්න එපා. ප්‍රශ්නය විසඳලා දෙනකම් පොලිසියට මැදිහත් වෙන්න එපා කියලා තියෙද්දි තමයි ඇමතිකමේ බලය පාවිච්චි කරලා මේ දේ කළේ,” යනුවෙන් පැවසීය.

මේ අතර අලෙවිසැල් අහිමි වූ වෙළෙඳුන් වෙනුවෙන් පෙනී සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇඟලුම් නිෂ්පාදකයින්ගේ හා අලෙවිකරුවන්ගේ ඒකාබද්ධ සංගමයේ නිලධාරීන් කිහිපදෙනෙකු පැමිණ වෙළෙඳුන්ට මෙහි සුපුරුදු පරිදි වෙළෙඳාම් සිදුකිරීමට අවසර දෙන ලෙස පොලීසියෙන් ඉල්ලීමක්ද කර තිබුණි.

පසුව පොලීසිය එහි තබා තිබූ මාර්ග බාධක ඉවත් කරන අයුරු දක්නට ලැබුණු අතර මහරගම නගර සභාවේ හිටපු සභාපතිනි කාන්ති කොඩිකාර මහත්මිය පැවසුවේ අදාළ වෙළෙඳසැල් හෙට සිට යළි විවෘත කිරීමට අවසර ලබාගත් බවය.

ජනාධිපතිතුමා මේ ප්‍රශ්නයට අවදානය යොමු කළා. අගමැතිතුමාගේ විශේෂ මැදිහත්වීමත් ඒ සඳහා ලැබුණා. එතුමා කිව්වා මේ අහිංසක ජනතාවගේ ජීවිකාව ගෙනියන්න අවශ්‍ය පහසුකම් නැවත ඒ ආකාරයෙන්ම ලබාදෙන්න කියලා. වෙළෙඳාම් කරන්නේ හෙට පාන්දර 1.00 සිට හෙට 7.30 දක්වායි.”

උපුටා ගැනීම – අද දෙරණ
14 Views

About slmedia

Check Also

බස්නාහිර පාසැල් ගැන තීරණයක් ගන්න සෞඛ්‍ය නිර්දේශ ඉල්ලයි

   බස්නාහිර පළාතේ පාසැල් හැර දිවයිනේ සියලුම පාසැල් ලබන 15 වනදා ආරම්භ කිරීමට සූදානම් බව …