Related Articles
පාර්ලිමේන්තුවේ කාරකසභා සභාපතිවරු සඳහා විශේෂ වැඩමුළුවක් අද (21) දිනයේ පැවැත්වීමට නියමිතය.
අද පස්වරු 2ට පාර්ලිමේන්තු සංකිර්ණයේ දී මෙම විශේෂ වැඩමුළුව පැවැත්වෙන බව වාර්තා වේ.
පාර්ලිමේන්තුවේ කටයුතු සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සම්බන්ධයෙන් මෙම වැඩමුළුව පැවැත්වෙනු ඇත.

පාර්ලිමේන්තුව කාරකසභා සභාපතිවරුන් 12 දෙනෙකු නියෝජනය කරන අතර කථානායකවරයා සහ නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තුවේ නොසිටින අවස්ථාවලදී මෙම සභාපතිවරුන්ගෙන් එක් අයෙකු සභාවේ කටයුතු මෙහෙයවීම සිදුකරනු ලබයි.
වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් වන සාරති දුෂ්මන්ත, එස් වේලුකුමාර්, මයන්ත දිසානායක, හර්ෂණ රාජකරුණා, රෝහිණි කුමාර් විජේරත්න, සංජීව එදිරිමාන්න, කෝකිලා ගුණවර්ධන යන අය කාරකසභා සභාපතිවරුන් ලෙස පත්කෙරුණි.
මීට අමතරව ඉසුරු දොඩංගොඩ, වසන්ත යාපා බණ්ඩාර, අජිත් රාජපක්ෂ, එස්.ආර් රාසමානික්කම් සහ වීරසුමන විරසිංහ යන මන්ත්‍රීවරුන් ද කාරකසභා මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරයි.
උපුටා ගැනීම – අද දෙරණ