Related Articles
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශණ වාර්තාව අධ්‍යනය කිරීමෙන් පසු ඊට අදාල සුදුසු පියවර ගැනීමට ආණ්ඩුව සූදානම් බව අමාත්‍ය කෙහෙලිය රුඹුක්වැල්ල පවසනවා. මහනුවර පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කළේ ගැටලුවක් ඇත්නම් සාකච්ඡා කර විසදා ගැනීමට ආණ්ඩුව සූදානම් බවයි.
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශණ වාර්තාව සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉකුත්දා අමාත්‍යවරුන් 06 දෙනෙකුගෙක් යුත් කමිටුවක් පත්කරනු ලැබුවා.

ඒ, එම වාර්තාවල ඇතුළත් කරුණු හා නිර්දේශ ගැඹුරින් අධ්‍යයනය කර ඒ පිළිබඳ ක්‍රියා කළයුතු ආකාරය වාර්තා කිරීමටයි.
කෙසේවෙතත් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ශන වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා තවත් කමිටුවක් පත් කිරීමට එරෙහිව ඊයේ මීගමුව කටුවාපිටිය සෙබස්තියන් මුනිඳුන්ගේ දේවස්ථානය ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්වුණා. එම ස්ථානයට පැමිණි කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාන් පැවසුවේ වාර්තාවේ සියලු කරුණු රටට හෙලි කළ යුතු බවයි.
කෙසේවෙතත් අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ වාර්තාවේ ඇතුළත් සියලු දේ හෙලි කිරීම අපහසු විය හැකි බවයි.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවේ තවත් කමිටුවක් හරහා සාක්ෂි වසන් කිරීමේ සූදානමක් ඇත්දැයි සැක පළ කරන බවයි.
දැන් වහාම සිදු කළ යුත්තේ පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තාව කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් පවසනවා.
මේ අතර පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු ලෙස සැලකෙන සහරාන් හශීම් විසින් මාරගෙන මැරෙන ප්‍රහාර සඳහා කාන්තාවන් 15 දෙනෙකු සූදානම් කර ඇති බව හෙලි වී තිබෙනවා. සහරාන් හෂීම්ගේ අන්තවාදී දේශනවලට සහභාගී වීම හේතුවෙන් ඉකුත්දා මාවනැල්ල හිගුළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් කාන්තාවකගෙන් කරන ලද ප්‍රශ්ණ කිරීම්වලදි මේ බව අනාවරණ වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවා.
උපුටා ගැනීම – නෙත් News