Thursday , November 26 2020
Home / Local News / පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ 49 කට කොරෝනා : අහඹු PCR පරීක්ෂණ 100ක ප්‍රථිපල එයි

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ 49 කට කොරෝනා : අහඹු PCR පරීක්ෂණ 100ක ප්‍රථිපල එයි


 

 

 
 

පෑලියගොඩ තොග මත්ස්‍ය වෙළෙද සංකීර්ණයේ සේවය කරනු ලබන පුද්ගලයින් 49 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පෙරේදා දිනයේදී සිදුකළ PCR පරීක්ෂණයකින් තහවුරු වී ඇති බව කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කර සිටිනවා.

දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් කිහිපදෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට හෙළිවීම නිසා ඔවුන් ආගිය ස්ථානයක් ලෙස  පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණය හඳුනා ගත් බැවින් වසංගත රෝග විද්‍යා අංශයෙන් සිදුකළ දැනුම් දීමක් මත පෙරේදා (19) දිනයේදී එහි විවිධ කේෂ්ත්‍රවල රැකියා කටයුතු කරනු ලබන පුද්ගලයින් 100 දෙනෙකු අහඹු ලෙස තෝරා ගෙන PCR පරීක්ෂණ සිදුකර ඇත.

එම PCR පරීක්ෂණ ප්‍රථිපල අනුව මෙලෙස පුද්ගලයින් 49 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හෙළිවී ඇත.

උපුටා ගැනීම – නෙත් News

24 Views

About slmedia

Check Also

හුදෙකලා කර ඇති ප්‍රදේශවල ජීවත් වන ජනතාවට තවත් සහන‍යක්

       කොළඹ දිස්ති‍්‍රක්කයේ දැනට හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල ජීවත්වන ජනතාව සඳහා සහන සැලසීමේ …