Related Articles
ගතවූ පැය විසිහතර තුළ බස්නාහිර පළාත තුළ හෙරොයින් සම්බන්ධ වැටලීම් කිහිපයක් සිදුකර තිබේ.
ජා-ඇල බෝධිරාජාරාම මාවතේ “බන්ට් එක” ප්රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
ජා-ඇල පොලිස් නිලධාරීන් විසින් ඊයේ (20) පස්වරුවේ සිදුකරන ලද වැටලීමේදී සැකකාරිය සන්තකයේ තිබී හෙරොයින් ග්රෑම් 5යි මිලිග්රෑම් 180ක් පොලිස් බාරයට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 35 හැවිරිදි ඇන්ජලී දිල්හානි නොහොත් “බන්ට් එකේ කුඩු නෝනා” ලෙස හැඳින්වුණු කාන්තාවක් වන අතර ඇය හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් මීට පෙරද මහාධිකරණය හමුවේ වරදකරු වූ කාන්තාවක් බව අප වාර්තාකරු පැවසුවේය.
අත්අඩංගුවට පත් කාන්තාව වැලිසර මහෙස්ත්රාත් අධිකරණයට අද (21) ඉදිරිපත් කිරීමට නියමිතය.
උපුටා ගැනීම – අද දෙරණ
14 Views
Share on:
WhatsApp