Monday , September 21 2020
Breaking News
Home / Local News / බස් මංතීරුවේ යතුරුපැදි සහ ත්‍රීරෝද රථ ධාවනය කරනවාට බස් සංගම් විරුද්ධ හේතු මෙන්න

බස් මංතීරුවේ යතුරුපැදි සහ ත්‍රීරෝද රථ ධාවනය කරනවාට බස් සංගම් විරුද්ධ හේතු මෙන්න

 

බස් ප‍්‍රමුඛතා මංතීරුවේ යතුරුපැදි හා ත‍්‍රීරෝද රථ ධාවනය කරවීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය විරෝධය පළ කරනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න පෙන්වා දෙන්නේ බස් සඳහා කාලය වෙන් කර ඇති අවස්ථාවේ ත්‍රීරෝද සහ යතුරුපැදි බස් මංතීරුවේ ගමන් කරවීමට අවස්ථාව දීම බරපතල ගැටලුවක් බවයි. මේ හේතුවෙන් යතුරුපැදිකරුවන් බස් රථ ඉස්සර කිරීමට වම් පසින් හෝ දකුණු පසින් එකවර ගමන් කිරීමෙන් අනතුරු වැඩි වශයෙන් සිදුවිය හැකි බවත් සඳහන් කළා.

මෙම තීරණය අඛණ්ඩව කි‍්‍රයාත්මක කළහොත් ඊට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගන්නා බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

උපුටා ගැනීම – නෙත් News

7 Views

About slmedia

Check Also

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ගැන රජයේ ස්ථාවරය මෙන්න

  කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය රාජ්‍ය දේපළක් ලෙස පවත්වාගෙන යාමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා. නැගෙනහිර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *