Saturday , January 16 2021
Breaking News
Home / Local News / බුරවී සුළි කුණාටුවෙන් මන්නාරමේ ධිවර යාත්‍රා 65කට හානි (PHOTOS)

බුරවී සුළි කුණාටුවෙන් මන්නාරමේ ධිවර යාත්‍රා 65කට හානි (PHOTOS)


 

 

 
 

බුරවි සුළි කුණාටුව ක්‍රමයෙන් මන්නාරම දෙසට හමා යාමත් සමගම මන්නාරම පේසාලේ ධීවර වරායේ නවතා තිබූ බෝට්ටු 65 ක් පමණ එම සුළගට හසු වී අද උදෑසන ගසා ගෙන ගොස් ඇතැයි මන්නාරම එක්සත් ධීවර සංගමය ප්‍රකාශ කර සිටිනවා.

මෙසේ ගසා ගෙන ගිය ධීවර බෝට්ටු ගල්පරවල හා එම බෝට්ටු එකිනෙක ගැටී බෝට්ටු විශාල ප්‍රමාණයක් විනාශයට පත් වී ඇති බවද ධීවර සංගමය සදහන් කරේ.

පේසාලේ හා මන්නාරමේ ධීවර වාඩි 150 කට වඩා වැඩි සංඛ්‍යාවක්  සුළගට හසු වී ඒවා මුහුදට ගසා ගෙන ගොස් තිබේ.

මේ අතර  මන්නාරම් කළාපයේ ධීවරයින්ට අයත් බෝට්ටු 11 කට මේ දක්වා සිදු වූ දෙයක් නොමැති බව පවසන ධීවරයින් ඒවා ඉන්දියාව දෙසට ගසා ගෙන යන්නට ඇතැයි විශ්වාස කරයි.

පේසාලේ ධීවර ජනතාව විසින් වන්දනා මාන කළ දේවස්ථානයක්ද සුළි සුළගට හසු වී විනාශ වී ඇති අතර එහි කොටස් කීපයක්ම මුහුදට ගසා ගෙන ගොස් තිබේ.

 

උපුටා ගැනීම – අද දෙරණ
11 Views

About slmedia

Check Also

විදෙස්ගත තවත් ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

   නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව සිටි විදෙස්ගත තවත් ශ‍්‍රී ලාංකිකයින් 645 …