Monday , September 21 2020
Breaking News
Home / Local News / මංතීරු නීතිය සම්බන්ධයෙන් පොලීසියෙන් විශේෂ පණිවිඩයක්

මංතීරු නීතිය සම්බන්ධයෙන් පොලීසියෙන් විශේෂ පණිවිඩයක්

 

මංතීරු නීතිය කඩකරන රියදුරන්ට එරෙහිව ලබන සඳුදා සිට නීතිය ක‍්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා. 

මෙම සතියේ එය සිදු කෙරෙන්නේ පර්යේෂණ මට්ටමින් පමණක් බවයි මාධ්‍ය, මහජන සම්බන්ධතා හා තොරතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලාල් සෙනෙවිරත්න, පොලිස් මූලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.

ඒ අනුව ලබන සඳුදා සිට මංතීරු නීතිය කඩකරන රියදුරටන් එරෙහිව රුපියල් 2,000 ක දඩයක් පනවන බවයි මෙම මාධ්‍ය හමුවට එක් වූ රථ වාහන අංශය භාර නියෝජ්‍ය පොලිස්පති සුමිත් නිශ්ශංක පැවසුවේ.

මාර්ගවල පවතින රථවාහන තදබදය හා මාර්ග අනතුරු වළක්වා ගැනීම සදහා නියමිත මංතීරුවේ රථවාහන ධාවනය කරන ලෙසයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ. 

මෙම මංතීරු නීතිය හෙට සහ අනිද්දා යන දෙදින තුළ ප‍්‍රධාන මාර්ග 04 ක් ඉලක්ක කර පෙරවරු 06 සිට පෙරවරු 10 දක්වා කි‍්‍රයාත්මක වනවා. මෙම දින 02 තුළදී පෙරහුරුවක් ලෙස එය කි‍්‍රයාත්මක බැවින් එම කාලය තුලදි නඩු කටයුතු සිදුකිරීමක් නොකරන බවයි පොලීසිය පැවසුවේ. 

එහෙත්, හෙට සහ අනිද්දා යන දෙදින තුළ මෙම මංතීරු නීතිය කි‍්‍රයාත්මක පස්වරු කාලය තුළ එම නීතිය කඩකරන පුද්ගලයින්ට එරෙහිව නඩු කටයුතු සම්බන්ධයෙන් කි‍්‍රයාමාර්ග ගන්නා බව ද පොලීසිය පැවසුවා. කෙසේවෙතත්, මෙම මංතීරු නීතිය රටපුරා පැය 24 තුළම කි‍්‍රයාත්මක බවත්, පෙරවරුවේ සහ පස්වරුවේ කාලයේ ඒ සඳහා වැඩි අවධානයක් යොමු කරන්නේ ජනතාව ඊට අනුගත කිරීමට බවත් පොලීසිය පවසනවා. 

මෙම මංතීරු නීතිය කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සේවයේ යොදවා ඇති පොලිස් නිලධාරීන් ගණන 250 ක්. 

උපුටා ගැනීම – නෙත් News

6 Views

About slmedia

Check Also

පාර්ලිමේන්තු කාරක සභා සභාපතිවරුන්ට වැඩමුලුවක්

  පාර්ලිමේන්තුවේ කාරක සභා සභාපතිවරු 12 දෙනා සදහා ලබන සදුදා වැඩමුලූ‍වක් පැවැත්වෙනවා.  ඒ, පස්වරු 2ට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *