Thursday , November 26 2020
Home / Local News / මගීන් අඩු නිසා දුම්රිය ගමන්වාර කිහිපයක් නතර කෙරේ

මගීන් අඩු නිසා දුම්රිය ගමන්වාර කිහිපයක් නතර කෙරේ


 

 

 
 

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් දුම්රිය මගීන්ගේ අඩුවක් පවතින බැවින් දුර ගමන් සේවා දුම්රිය ගමන් වාර කිහිහිපයක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. මේ ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප‍්‍රනාන්දු.

මේ අතර කලූතර දිස්ත‍්‍රික්කය තුළ වාහන ආදායම් බලපත‍්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඒ මතුගම ප‍්‍රදේශ කිහිපයක පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන්. ඒ අනුව කලූතර දිස්ත‍්‍රික්කය තුළ ආදායම් බලපත‍්‍ර නිකුත් කිරීම  ලබන 29 වැනිදා දක්වා අත්හිටුවා ඇති බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ. අදාළ කාලසීමාවේදී කල් ඉකුත් වන වාහන ආදායම් බලපත‍්‍ර සදහා  නව ආදායම් බලපත‍්‍ර ලබා ගැනීමේදී කිසිදු දඩමුදලක් අය නොකරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
 

උපුටා ගැනීම – නෙත් News

22 Views

About slmedia

Check Also

හුදෙකලා කර ඇති ප්‍රදේශවල ජීවත් වන ජනතාවට තවත් සහන‍යක්

       කොළඹ දිස්ති‍්‍රක්කයේ දැනට හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල ජීවත්වන ජනතාව සඳහා සහන සැලසීමේ …