Related Articles
මෙරට බන්ධනාගාර තුළ රඳවා සිටින රැඳවියන් 28,541දෙනා අතරින් කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් හඳුනාගැනීමේ අරමුණින් 11,500 දෙනෙකුගේ පමණ පී.සී.ආර් පරීක්ෂණ සිදුකර ඇතැයි අධිකරණ අමාත්‍ය අලී සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී අද (03) අනාවරණ කළේය.
මේ අතර, සිරදඬුවම් විඳින රැඳවියන්ගෙන් සියයට 52ක් පමණ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් බව ද පැවසු අමාත්‍යවරයා, එම සිරගත කිරීම දීර්ඝකාලීන විසඳුමක් නොවන බව ද කියා සිටියේය.
ඒ වෙනුවට එවැනි රැඳවියන් පුනරුත්තාපනය කළ හැකි ද යන්න මේ වන විට කරුණු අධ්‍යයනය කරමින් සිටින බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, මහර බන්ධනාගාරය තුළ රැඳවියන් 2,891 සිටින බවත් ඉන් 2059 දෙනෙක් රක්ෂිත බන්ධනාගාර රැඳවියන් වන අතර සෙසු 732 දඬුවම් නියම වු රැඳවියන් වන බවය.
මේ අතර අද පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස අදහස් පළ කළේය.
“රැඳවියන්ගේ සෞඛ්‍ය කේෂ්ත්‍රය භාරව සිටින නියෝජ්‍ය අධ්යක්ෂවරයා, ඔහු වියත්මඟේ සාමාජිකයෙක්. ඔහු තමයි වැලිකඩින් මහරට මේ රැඳවියන් ටික යවලා තියෙන්නේ. ඒ නිසයි ඔය පොකුර නිර්මාණය වුණේ. පොකුර නිසා තමයි මේ ඛේදවාචකය නිර්මාණය වුණේ. රිවස් පෙත්ත කියලා මුළු සාමාජය නොමඟ යැවීමට දරන උත්සහය සහමුලින්ම අපි ප්‍රතික්ෂේප කරනවා. මේකේ සත්‍ය සොයා ගැනීමට කටයුතු කරන්න ඕනේ. “
මේ පිළිබඳ අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සඳහන් කර සිටියේ, “විපක්ෂනායක තුමා කිව්වා මහරට අනියුක්ත වෙලා හිටිය වෛද්‍ය නිලධාරී වියත්මඟේ කියලා, එය සාවාද්‍ය ප්‍රකාශයක්. ඔහු වියත්මඟේ සාමාජිකයෙක් නොවෙයි.“ යනුවෙනි.
සජිත් ප්‍රේමදාස මහතා,
“වැලිකඩින් 120 රැඳවියන් මහරට යවලා තියෙනවා කොවිඩ් නීති උල්ලංඝනය කරලා. නියෝජ්‍ය අධ්යක්ෂවරයා වියත්මඟේ සාමාජිකයෙක්.“
උපුටා ගැනීම – අද දෙරණ