Thursday , November 26 2020
Home / Local News / මධූෂ්ගේ අවසන් කටයුතු අද

මධූෂ්ගේ අවසන් කටයුතු අද

මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ දී සිදුවූ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වූ මාකඳුරේ මධූෂ්ගේ දේහය මේ වනවිට මහරගම, පමුණුව ප්‍රදේශයේ ඥාති නිවසක තැන්පත් කර තිබේ.

පොලීසිය සඳහන් කළේ ඊයේ (20) සිදුවූ මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් අද (21) දිනයේ දී අධිකරණයට කරුණු වාර්තා කරන බවය.

මෙරට මනුෂ්‍ය ඝාතන සහ තවත් අපරාධ රැසකට සම්බන්ධ බවට චෝදනා එල්ල වී තිබූ සමරසිංහ ආරච්චිලාගේ මධුෂ් ලක්ෂිත හෙවත් ‘මාකඳුරේ මධූෂ්‘ ඊයේ අලුයම මාලිගාවත්ත නිවාස සංකීර්ණයේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්විය.

අධිකරණ වෛද්‍ය සහ විෂවේද ආයතනයේ සිදුකෙරුණු පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝග කළේ මාකඳුරේ මධුෂ්ගේ දේහය ඔහුගේ නීත්‍යානූකූල බිරිඳට ලබාදෙන ලෙසය.

ඒ අනුව ඊයේ පස්වරුවේම ඔහුගේ දේහය මහරගම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක් වෙත රැගෙනු එනු ලැබීය.

සුළු වේලාවක් එහි තැන්පත් කර තිබුණු දේහය ඊයේ පස්වරුවේම මහරගම – පමුණුව ප්‍රදේශයේ පිහිටි ඥාතී නිවසක් වෙත රැගෙන ගියේය.

මාකඳුරේ මධුෂ්ගේ දේහය පිළිබද අවසන් කටයුතු අද පස්වරුවේ මහරගම – ගොඩිගමුව සුසාන භූමියේ දී සිදුකෙරුණු ඇති බවට වාර්තා වේ.

උපුටා ගැනීම – අද දෙරණ
24 Views

About slmedia

Check Also

හුදෙකලා කර ඇති ප්‍රදේශවල ජීවත් වන ජනතාවට තවත් සහන‍යක්

       කොළඹ දිස්ති‍්‍රක්කයේ දැනට හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල ජීවත්වන ජනතාව සඳහා සහන සැලසීමේ …