Related Articles
මහර බන්ධනාගාරයේ ඇති වූ නෙසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට 26 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
එම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දෙසැම්බර් 1 වන දා සිට විමර්ශන ආරම්භ කර තිබේ.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා,

“ඊයේ දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් ප්‍රකාශ 26 ක් පමණ අදාළ සිදුවීම සම්බන්ධයෙන් සටහන් කර ගෙන තිබෙනවා. විශේෂයෙන්ම බන්ධනාගාර රෝහලේ සේවය කළ වෛද්‍ය නිලධාරීන් 8 දෙනෙකුගේ ඒ වගේම පිරිමි හෙද නිලධාරීන් දෙදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. මීට අමරතව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා ඇතුළු තවත් නිලධාරීන් 10 දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. මීට අමතරව බන්ධනාගාර සිද්ධියෙන් තුවාල ලබා රෝහල්ගත කර නැවත බන්ධනාගාර ගත කරන ලද රැඳවියන් 6 දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කගෙන තිබෙනවා. ඒ අනුව සම්බන්ධ සම්පුර්ණ ප්‍රකාශ ගණන 26ක් වෙනවා. තවදුරටත් මේ ගැන පරීක්ෂණ පවත්වනවා. විශේෂයෙන්ම මේ සිද්ධියේ දී තුවාල ලැබු අයවලුන්ගේ ප්‍රකාශ, බන්ධනාගාර නිලධාරීන්ගේ ප්‍රකාශ හා බන්ධනාගාරයට සිදුවු අලාභහානි පිළිබඳ තක්සේරු වාර්තා වගේම මේ බන්ධනාගාරයේ සිටි රැඳවියන්ට අමතරව යම් කෙනෙක් මොවුන්ව කුපිත කිරීමක්, කුමන්ත්‍රණය කිරීමක් හෝ කුමන්ත්‍රණයට අනුබලදීමක් කළා ද යන්න තවදුරටත් සිදුකළ යුතුව තිබෙනවා.“