Thursday , November 26 2020
Home / Local News / මාතරින් හා රත්නපුරයෙන් කොවිඩ් ආසාදිතයින් හමුවේ

මාතරින් හා රත්නපුරයෙන් කොවිඩ් ආසාදිතයින් හමුවේ

මාතර හෙට්ටිවීදිය ප්‍රදේශයේ මාළු වෙළෙඳසැළක හිමිකරුවෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ.

වැලිගම මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්.එම් මාලක නුවන් මහතා සඳහන් ක‍ළේ, අදාළ ව්‍යාපාරිකයා පසුගිය 16 වනදා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළට පැමිණ ඇති බවය.

අනතුරුව පසුගිය 21 වනදා ඔහුට කළ පී.සී.ආර් පරීක්ෂණයකින්  ඔහු ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබේ.

ඔහු සමග පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසැළට පැමිණි තවත් පුද්ගලයින් දෙදෙනෙකු පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කළ බව වැලිගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේය.

එමෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයින් 6 දෙනෙකු නිවෙස් නිරෝධායනයට යොමුකර තිබේ.

වැලිගම මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්.එම් මාලක නුවන් මහතා සඳහන් ක‍ළේ, තම බලප්‍රදේශයෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ වෙත පැමිණී තවත් ව්‍යාපාරිකයින් 10දෙනෙක් හඳුනාගෙන ඇති අතර ඔවුන්ගේ පවුල්වල සියලුදෙනා නිරෝධායනයට යොමුකර ඇති බවය.

මේ අතර, රත්නපුර පොදු වෙළෙඳ සංකීර්ණයේ මාළු වෙළෙඳසැළේ හිමිකරුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

හිමිකරු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසැළ වෙත පැමිණ තිබූ අතර අනතුරුව සිදුකළ පීසීආර් පරීක්ෂණයේ දී ඔහුට වෛරසය ආසාදිත බව තහවුරු විය.

මේ හේතුවෙන් රත්නපුර මුවගම ප්‍රදේශයේ නිවාස 100 ක පමණ පුද්ගලයින් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගනු ලැබීය.

උපුටා ගැනීම – අද දෙරණ

10 Views

About slmedia

Check Also

හුදෙකලා කර ඇති ප්‍රදේශවල ජීවත් වන ජනතාවට තවත් සහන‍යක්

       කොළඹ දිස්ති‍්‍රක්කයේ දැනට හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල ජීවත්වන ජනතාව සඳහා සහන සැලසීමේ …