Thursday , February 25 2021
Breaking News
Home / Local News / මාවා මත්ද්‍රව්‍ය කම්හලක් වටලයි

මාවා මත්ද්‍රව්‍ය කම්හලක් වටලයි

 

මාවා නැමති මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරිමේ ස්ථානයක් වටලා මාවා පැකට් 72ක්  සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසියේ දුෂණ මර්ධන අංශය පවසනවා. 

මාවා මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරිමට යොදාගන්නා පුවක් කිලෝ 18ක්, පැණි බෝතලයක් ඇතුළු රාසායනික ද්‍රව්‍ය තොගයක්ද අදාල නිවසේ තිබි සොයාගත් බවයි පොලිසිය පවසන්නේ. 

මාවා නිෂ්පාදනය කළ නිවස ආසන්නයේ ජාතික පාසල් දෙකක්ද පවතින බව පොලිසිය කියා සිටියා. මාවා නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගිය පුද්ගලයා මිට පෙර ද පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අයෙකු වනවා. පාසල් සිසුන් ඉලක්ක කරගෙන මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇත්දැයි යන්න පිළිබද පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.
 

උපුටා ගැනීම – නෙත් News

15 Views

About slmedia

Check Also

පාස්කු කොමිසමේ වාර්තාව මැතිසබට ඉදිරිපත් කිරීමේ තීරණයක්

   පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වාර්තාව අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට …