Related Articles
1974 දි ඊජිප්තුවේ ජාතික කෞතුකාගාරයේ ඉඳලා II වන රාමසෙස් රජුගේ වටිනා මමිය ප්‍රංශයට අරන් යන්න ඕන වුනා..
ඒ සංරක්ෂණය සඳහා ප්‍රංශයේ තියෙන විශේෂ රසායනාගාරයකට..
නමුත් එක ගැටළුවක් තිබුනා…
මමිය අරන් යන්න වෙන්නෙ ගුවනින්..✈️
ප්‍රංශ නීතිය යටතේ, රටට ඇතුළු වන ඕනෑම අයෙකුට (ජීවත්ව සිටින හෝ මියගිය)
විදේශ ගමන් බලපත්‍රයක් තියෙන්න ඕනා… පුරාණ ඊජිප්තුවේ බලවත්ම පාරාවෝවරුන්ගෙන් කෙනෙකු වන II වන රාමසෙස්, මහා රාමසෙස් උනත් කරන්න දෙයක් නෑ.. පාස්පෝර්ට් එකක් ඕන..
අවසානයේ ඊජිප්තු රජය දෙවන රාමසෙස් රජුට විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කලා..

“රජ (මියගිය)” කියල තමයි ඔහුගේ රැකියාව සටහන් කලේ..
මමීය ප්‍රංශයට අරන් ගියාම ඒකට ලැබුණේ ඉහළ පෙළේ රාජකීයන්ට ලැබෙන පූර්ණ හමුදා ගෞරව සහිත අවමංගල්‍ය පෙරහැරක්..
දෙවන රාමසෙස් කියන්නෙ කවුද…?
මීට අවුරුදු තුන්දාස් ගාණකට කලින් ඊජිප්තු රාජවංශයේ හිටපු බලවත්ම රජ කෙනෙක්.. රැම්සෙස් කියලත් එයාට කියනවා..
ඊජිප්තු පුරාණයේ ප්‍රකට කාඩේෂ් සටනේදී තීරණාත්මක ජයග්‍රහණයක් ලබා ගත්ත නිසා එයා මහා රණශූරයෙකු විදියට හදුන්වනවා. ක්‍රි.පූ. 1290 දී ඔහු සිංහාසනය හිමි කරගත්තේ යුද්ධයෙන් බිඳවැටුන ඊජිප්තුව ගොඩ නගන්න.
අවුරුදු 96ක් ජිවත් වෙච්ච රාම්සෙස් ට බිරින්දැවරු 200ක් හිටියලු. 😂😂
පිරිමි දරුවෝ 96ක් සහ දූලා 60ක් හිටියාලු.. එයා කොච්චර බලවත් රජෙක්ද කියනවානම් ඔහුගේ සියලු යටත් වැසියන් විශ්වාස කළේ ඔහුගේ මරණයෙන් පස්සෙ ලෝක විනාසය වේවි කියලා.. 🤨 දැනටත් ඊජිප්තුවේ වැසියන් ඔහුව හදුන්වන්නෙ “ඊජිප්තු පුරාණයේ මහා මුතුන් මිත්තෙක් විදියට..
ඔහු මිය ගියාට පස්සෙ ඔහුගේ දේහය මමියක් විදියට කින්ග්ස් මිටියාවතේ තැම්පත් කරාලු. සොහොන් මංකොල්ලකන මමී හොරුන්ගෙන් බේරගන්න බැරුව පස්සෙ ඒ මමිය කෞතුකාගාරයට ගෙනාවා. ඊටත් පස්සෙ තමයි ප්‍රංශයට අරගෙන ගියේ..
අදටත් රාමසෙස් ගැන සඳහන් නොකරන පුරාණ භූමියක් ඊජිප්තුවේ නෑ කියලා තමයි කියන්නෙ… 😊
✍️ Gehan SJay