Thursday , January 14 2021
Home / Local News / “මේක කාටවත් කියන්න එපා.. මේ සල්ලි තියාගන්න…” – වරින් වර රුපියල් විස්ස බැගින් ලබාදී බාලවයස්කාර පිරිමි දරුවෙකුට මාළු වෙළෙන්දා සිදු කළ අපරාධය හෙළි වෙයි

“මේක කාටවත් කියන්න එපා.. මේ සල්ලි තියාගන්න…” – වරින් වර රුපියල් විස්ස බැගින් ලබාදී බාලවයස්කාර පිරිමි දරුවෙකුට මාළු වෙළෙන්දා සිදු කළ අපරාධය හෙළි වෙයි

ඔයාට සල්ලි ඕනී නම් අපේ ගෙදරට එන්න…
 
කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි අට හැවිරිදි බාලවයස්කාර පිරිමි දරුවකුට වරකට රුපියල් විස්ස බැගින් ලබාදී බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකළ බව කියන හැට හැවිරිදි වැව් මාළු වෙළෙන්දෙක් කැබිතිගොල්ලෑව පොලිසිය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
 
සිය මිත්තණිය සමඟ කැබිතිගොල්ලෑව පොලිසියට ගොස් වින්දිත දරුවා විසින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

වින්දිත දරුවා කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පාසලක තෙවැනි වසරේ අධ්‍යාපනය ලබන අයෙකි. සිය මව මීට වසර දෙකකට පමණ පෙර මැදපෙරදිග ගෘහ සේවයට යෑම නිසා එම දරුවා තම මිත්තණියගේ රැකවරණය යටතේ ජීවත්වන බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
 
ඉකුත් අප්‍රේල් මාසයේ දිනක වින්දිත දරුවා සැකකරුගෙන් කිසියම් අවශ්‍යතාවක් සඳහා රුපියල් විස්සක මුදලක් ඉල්ලා ගෙන ඇති අතර එතැන් සිට එම දරුවා සමඟ හිතවත්කමක් ඇති කර ගත් සැකකරු නැවත මුදල් අවශ්‍යතාවක් ඇතිවුවහොත් එය ලබාගැනීම සඳහා තම නිවෙසට පැමිණෙන ලෙසට දන්වා ඇත.
 
එම දරුවා පදිංචි ප්‍රදේශයේම ආසන්න නිවෙසක පදිංචිව සිටින සැකකරුගේ නිවෙසට දරුවා යන සෑම අවස්ථාවකදීම සැකකරු විසින් කිසිවකුට නොපවසන ලෙස දන්වා රුපියල් විස්සක මුදලක් බැගින් ලබාදී මෙලෙස දරුවාව ලිංගික අපයෝජනයට ලක් කොට ඇති බවත් පොලිසිය පවසයි.
 
සැකකරු කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
 
කැබිතිගොල්ලෑව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
 
අනුරාධපුර _ පර්සි කුරුනේරු
මව්බිම
 
උපුටා ගැනීම – හිරු Gossip
7 Views

About slmedia

Check Also

අජිත් ප්‍රසන්න ට ඇප

මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් නඩුවක සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවන ආකාරයෙන් ප්‍රකාශ නිකුත්කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකර …