Related Articles
මෙරට පුද්ගලයින් තුන්ලක්ෂ 54,352 දෙදෙනෙකුට මේවනවිට මෙරටදී කොරෝනා මර්දන එන්නත ලබාදී තිබෙනවා. ඊයේ දිනයේදී පමණක් පුද්ගලයින් 15,583 දෙනෙකුට කොරෝනා මර්දන එන්නත් ලබාදී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.
මෙරට තුළ ක්‍රියාත්මක කොරෝනා මර්ධන එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙලෙස අදහස් පළ කළා.

මේ අතර ඊයේ දිනයේදී මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 518 දෙනෙකු හඳුනා ගැනුණාග ඒ අනුව මේවනවිට මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 80,517 ක්ග වෛරසය ආසාදනය වී රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 75,110 දෙනෙකු මේවනවිටත් පූර්ණ සුවය ලබා අවසන්ග රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයින් සංඛ්‍යාව 4,957 ක්.
උපුටා ගැනීම – නෙත් News
11 Views
Share on:
WhatsApp