Thursday , November 26 2020
Home / Local News / රත්මලානේ අංජුගේ ගෝලයෙක් අත්අඩංගුවට

රත්මලානේ අංජුගේ ගෝලයෙක් අත්අඩංගුවට

ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන දුම්රිය පොළ අසල දී හෙරොයින් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (29) සවස 2.30ට පමණ විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකින් පසුව එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී හෙරොයින් ග්‍රෑම් 21යි මිලිග්‍රෑම් 520ක් සමග රත්මලාන ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් පුද්ගලයා විදෙස්ගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් හා සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් වන “රත්මලානේ අංජු“ නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරනු ලබන ගෝලයෙක් බවට අනාවරණය වී තිබේ.

සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා ගල්කිස්ස පොලීසියට භාර දී තිබේ.

උපුටා ගැනීම – අද දෙරණ

10 Views

About slmedia

Check Also

හුදෙකලා කර ඇති ප්‍රදේශවල ජීවත් වන ජනතාවට තවත් සහන‍යක්

       කොළඹ දිස්ති‍්‍රක්කයේ දැනට හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල ජීවත්වන ජනතාව සඳහා සහන සැලසීමේ …