Monday , September 21 2020
Breaking News
Home / Local News / වජිර නායකත්වයට යන මග සකසමින්

වජිර නායකත්වයට යන මග සකසමින්

 

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරයට ඉදිරිපත් නොවුණ ද පක්ෂ නායකත්වය සඳහා ඉදිරිපත් වන බව හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා.

ඒ සඳහා අවශ්‍ය කි‍්‍රයාමාර්ග තමන් අඛණ්ඩව කි‍්‍රයාත්මක කරමින් සිටින බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන  කියා සිටියේ.

මේ අතර, ඊයේ පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී නියෝජ්‍ය නායක සහ උපනායක ධූර සම්බන්ධයෙන් ද හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන අදහස් පළ කර තිබෙනවා.

එහිදී ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ නියෝජ්‍ය නායක ධූරය සහ උප නායක ධූරය අවස්ථා කිහිපයකදී පක්ෂ නායකත්වයට එරෙහිව මතුවූ කැරළි මැඩ පැවැත්වීමට ඇති කළ ඒවා බවයි.

එම තනතුරු අහෝසි කිරීම සඳහා වරක් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ යෝජනා සම්මත කර විසඳුම් ඉදිරිපත් කළ බව ද හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන එහිදී පෙන්වා දී තිබෙනවා.
උපුටා ගැනීම – නෙත් News

7 Views

About slmedia

Check Also

සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ මුස්ලිම් දේශපාලකයන්ගේ බලපෑම් නිසයි – හිටපු ආරක්ෂක ලේකම්

  පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරය වළක්වා නොගැනීමේ වගකීම තමන් කිසිවිටකත් භාරනොගන්නා බව හිටපු ආරක්ෂක ලේකම් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *