Saturday , October 24 2020
Home / Local News / වැඩබලන මහෙස්ත්‍රාත්ගේ නිවසට පෙට්‍රල් බෝම්බ ගැසූ දෙදෙනා රිමාන්ඩ්

වැඩබලන මහෙස්ත්‍රාත්ගේ නිවසට පෙට්‍රල් බෝම්බ ගැසූ දෙදෙනා රිමාන්ඩ්

කඩුවෙල වැඩබලන මහෙස්ත්‍රාත් හේමපාල ඒකනායක මහතාගේ කොතලාවල විහාර මාවතේ පිහිටි නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරුවන් දෙදෙනා ඊයේ (14) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 28වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව වාර්තාවේ.

මහෙස්ත්‍රාත් හේමපාල ඒකනායක මහතා, ඔහුගේ බිරිඳ සහ පුතුන් දෙදෙනා පසුගිය දිනෙක රාත්‍රී කාලයේ නිවසේ සිටි අවස්ථාවක යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් දෙදෙනෙකු නිවස දෙසට මෙම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකර පළා ගොස් තිබුණි.

එය පුපුරා නොගිය බැවින් නිවැසියන්ගේ ජීවිතවලට හානියක් සිදුනොවූ බව සිද්ධිය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ සිදුකළ නවගමුව පොලිසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවූ කොළඹ අපරාධ කොට්ඨාසය සැකකරුවන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන තිබුණේ දෙමටගොඩ ප්‍රදේශයේදීය.

ඔවුන් තලංගම සහ නවගමුව ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

වැඩබලන මහෙස්ත්‍රාත් හේමපාල ඒකනායක මහතාගේ බිරිඳ රාජ්‍ය ආයතනයක නීති නිලධාරිනියක් වශයෙන් සේවය කරන අතර ඇය සම්බන්ධ නඩු කටයුත්තක් පිළිබඳව ඇතිවූ උරණවීමක් මෙම ප්‍රහාරයට හේතු වී ඇති බවට දැනට ලැබී ඇති සාක්ෂි අනුව සැකකළ හැකි බව නවගමුව පොලීසිය සඳහන් කරයි.

උපුටා ගැනීම – අද දෙරණ

12 Views

About slmedia

Check Also

පාස්කු ප්‍රහාරයේ සැකකරුගේ වෑන් රථය

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් විසින් පවත්වාගෙන ගොස් තිබූ නුවරඑළිය පුහුණු කඳවුරකට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *