Monday , September 21 2020
Breaking News
Home / Local News / විජයකලා කොමිසම හමුවට

විජයකලා කොමිසම හමුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මියට දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

අද (17) පෙරවරු 10.00 ට විජයකලා මහේෂ්වරන් මහත්මියට ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී ඇති බව එහි ප්‍රකාශකයෙකු පැවසුවේ ය.

රත්‍රං මංකොල්ලකෑමකට සම්බන්ධ එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු චාවකච්චේරිය පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඔහු පොලිස් නිලධාරීන්ගෙන් මිදී මාංචු දමාගෙන පලාගොස් වැවකට පැන තිබේ.

එම අවස්ථාවේ දී අදාළ පුද්ගලයා මියගොස් ඇති අතර සිද්ධියට අදාළව පැවති නඩු විභාගයේ දී යාපනය මහෙස්ත්‍රත් අධිකරණය මඟින් එය ස්වභාවික මරණයක් බවට තීරණය කර තිබුණි.

කෙසේවෙතත් යහපාලන ආණ්ඩුව පැවති සමයේ විජයකලා මහේෂ්වරන් මහත්මියගේ මැදිහත් වීම යටතේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නැවත නඩු පවරා ඇති බව සඳහන් වේ.

එහිදි එය මිනීමැරුමක් බවට නියම කර අදාළ පොලිස් නිලධාරීන් වරදකරුවන් බවට පත් කර ඇති අතර අනතුරුව ඔවුන් බන්ධනාගාර ගත  කර තිබේ.

අධිකරණ තීන්දුවක් ලබා දී තිබියදීත් දේශපාලන අරමුණින් යුතුව ව්‍යාජ සාක්ෂි මත චෝදනා ගොනු කිරිම හේතුවෙන් අසාධාරණයට ලක්වූ බව පවසමින් බන්ධනාගාරගතව සිටින පොලිස් නිලධාරී මයුරන් ඥානලිංගම් නමැත්තාගේ බිරිඳ විසින් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

එම පැමිණිල්ලට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය වගඋත්තරකරුවෙකු ලෙස නම් කර අද දිනයේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස මෙම කැඳවීම සිදුකර තිබේ.

උපුටා ගැනීම – අද දෙරණ

8 Views

About slmedia

Check Also

පවුලකට දිවි අහිමි කළ මහනුවර ගොඩනැගිල්ල නීතිවිරෝධී බව හෙළි වෙයි

  මව, පියා සහ බිළිදියකට ජීවිත අහිමි කරමින් මහනුවර, බූවැලිකඩ ප‍්‍රදේශයේදී ඊයේ කඩා වැටුණු පස් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *