Related Articles
කොවිඩ් නයින්ටීන් වසංගත තත්වය හේතුවෙන් මෙරටට පැමිණිමට නොහැකිව විදෙස් රටවල රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 724 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.
ඔස්ට්‍රේලියාව, ඩුබායි, චෙන්නායි සහ ජපානයේ සිට එම පිරිස මෙරටට පැමිණි බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
ඔවුන් කටුනායක සහ මත්තල ගුවන් තොටුපළවල්වලින් අද (21) අලුයම හා ඊයේ (20) රාත්‍රීයේ දිවයිනට පැමිණ තිබේ.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ සිට මගීන් 288ක්, ඩුබායි සිට පුද්ගලයින් 420ක්, ඉන්දියාවේ චෙන්නායි සිට පුද්ගලයින් 6 දෙනෙක් හා ජපානයේ සිට පුද්ගලයින් 10 දෙනෙක් මෙරටට පැමිණ ඇත.
පැමිණි සියලු දෙනාම ගුවන් තොටුපළ පරිශ්‍රයේදීම පී.සී.ආර් පරීක්ෂණ සඳහා ලක්කිරීමෙන් අනතුරුව නිරෝධායනයට යොමුකර තිබේ.
අද වන විට පුද්ගලයින් 43,684ක් නිරෝධායනය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇත.
එමෙන්ම ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 66ක් තුළ පුද්ගලයින් 6,182 දෙනෙක් නිරෝධායනය වෙමින් සිටියි.