Saturday , February 27 2021
Breaking News
Home / Local News / විදෙස්ගත තවත් ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

විදෙස්ගත තවත් ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට


 
 

නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව සිටි විදෙස්ගත තවත් ශ‍්‍රී ලාංකිකයින් 645 දෙනෙකු දිවයිනට පැමිණියා. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට අද අලූයම ලගා වූ  විශේෂ ගුවන් යානා කිහිපයකින් එම පිරිස දිවයිනට පැමිණි බවයි යුද්ධ හමුදාව පැවසුවේ.

 එලෙස පැමිණ ඇත්තේ කටාර්, සවුදි ආරාබිය, කොරියාව,  ඕමානය, මාලිදිවයින සහ ඩුබායි යන රටවල රැඳී සිටි ශ‍්‍රී ලාංකිකයින් පිිරිසක්. ඔවුන් සියලූදෙනාට ගුවන් තොටුපළතුලදීම PCR පරීක්ෂණ සිදුකර තිබෙනවා.

අනතුරුව ඔවුන් ත‍්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණු බවයි  යුද්ධ හමුදාව වැඩිදුරටත් පැවසුවේ. 

උපුටා ගැනීම – නෙත් News

10 Views

About slmedia

Check Also

පාස්කු කොමිසමේ වාර්තාව මැතිසබට ඉදිරිපත් කිරීමේ තීරණයක්

   පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වාර්තාව අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට …