Related Articles
බන්ධනාගාර ආශ්රීතව ඇතැම් රැදවියන් සිදු කරන විරෝධතා හේතුවෙන් කොරෝනා වෛරසය පැතීරීම පාලනයට බාධා එල්ල වී ඇති බව බන්ධනාගාර කොමාසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පවසනවා.

බෝගම්බර පැරණි, වැලිකඩ සහ අගුණුකොලපැලැස්ස යන බන්ධනාගාරවල ඉකුත් සතිය තුළ විරෝධතා පැවැත්වුණා. පවතින තත්ත්වය සලකා විරෝධතාවල නිරත වන රැඳවියන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට කටයුතු කරන බවයි බන්ධනාගාර කොමාසාරිස් ජනරාල්වරයා පැවසුවේ.
කෙසේවෙතත්, වැලිකඩ බන්ධනාගාරය හැර සෙසු බන්ධනාගාර 4ක පැවති කොවිඞ් 19 තත්ත්වය යම් පාලනයකට නතු කරමින් ඇති බව ද බන්ධනාගාර කොමාසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පැවසුවා.
උපුටා ගැනීම – නෙත් News
14 Views
Share on:
WhatsApp