Thursday , October 22 2020
Breaking News
Home / Local News / වේයන්ගොඩ දී ගණිකා නිවාසයක් වටලයි

වේයන්ගොඩ දී ගණිකා නිවාසයක් වටලයි

සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙන යන බවට වේයන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වේයන්ගොඩ තල්ගස්මෝට්ටේ ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර සැකකරුවෙක් සහ සැකකාරියන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් මත ඊයේ (04) දහවල් 2.30ට පමණ මෙම සෝදිසි කිරීම සිදු කර ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගණිකා නිවාසය කළමණාකරනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු සහ කළමණාකරනයට සහාය වීම සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරියන් අවුරුදු 42, 35, 29 වයස්වල පසුවන වේයන්ගොඩ, කැකිරාව, තිස්සමහාරාම ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

සැකකරු හා සැකකාරියන් අද (05) අත්තනගලල් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

වේයන්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

උපුටා ගැනීම – අද දෙරණ

6 Views

About slmedia

Check Also

අද රාත්‍රී 10 සිට ගම්පහ දිස්ත්‍රික්කයටම නිරෝධායන ඇඳිරි නීතිය

අද (21) රාත්‍රී 10 සිට එළඹෙන සඳුදා උදෑසන 5 දක්වා ගම්පහ දිස්ත්‍රික්කයට නිරෝධායන ඇඳිරි නීතිය …