Thursday , November 26 2020
Home / Local News / සජිත් කොරෝනා ආසාදිතයෙකුගේ දෙවන පෙළ ආශි‍්‍රතයෙකු බව මැති සබයේදී හෙළිවෙයි

සජිත් කොරෝනා ආසාදිතයෙකුගේ දෙවන පෙළ ආශි‍්‍රතයෙකු බව මැති සබයේදී හෙළිවෙයි

 

විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා කොරෝනා ආසාදිතයෙකුගේ දෙවන පෙළ ආශි‍්‍රතයෙකු ලෙස හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි අද පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා. ඒ, නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා,  අග‍්‍රාමාත්‍යවරයාට යොමු කළ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින්. 

මේ, විපක්ෂ නායකවරයා නැගූ ප‍්‍රශ්නයට අග‍්‍රාමාත්‍යවරයා වෙනුවෙන් පිළිතුරු දුන් අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි. 

අනතුරුව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සහ සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නාආරච්චි අතර මෙවන් සංවාදයක් ඇතිවුණා. 

මේ, එම විවාදයට එක්වූ අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ. 

මේ අතර රටතුළ පවතින නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් ද විවාදයක් අවශ්‍ය බවයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක එහිදී පැවසුවේ.  

පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඒ සම්බන්ධයෙන් සාකච්ඡුා කර තීරණයකට එළඹෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එහිදී සඳහන් කළා. 
 

උපුටා ගැනීම – නෙත් News

25 Views

About slmedia

Check Also

හුදෙකලා කර ඇති ප්‍රදේශවල ජීවත් වන ජනතාවට තවත් සහන‍යක්

       කොළඹ දිස්ති‍්‍රක්කයේ දැනට හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල ජීවත්වන ජනතාව සඳහා සහන සැලසීමේ …