Monday , September 21 2020
Breaking News
Home / Local News / සමගි ජන බලවේගයේ මාතලේ මනාප නැවත ගණින්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සම විභාගයට තීරණය කෙරේ

සමගි ජන බලවේගයේ මාතලේ මනාප නැවත ගණින්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සම විභාගයට තීරණය කෙරේ

මාතලේ දිස්ත්‍රික්කයේ සඳහා සමගි ජන බලවේගය පක්ෂයෙන් තරඟ වැදී තේරී පත් නොවූ අපේක්ෂකයෙකු වන හිටපු අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

එම පෙත්සම අද (17) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලීම සිදුකෙරුණි.

ඉන් අනතුරුව පෙත්සම විභාග කිරීමට තීරණය කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මීට අදාළව  නොවැම්බර් මස 05 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින මාතලේ දිස්ත්‍රික් මැතිවරණ තේරීම්භාර නිලධාරියා,  ප්‍රධාන ගණන් කිරීමේ නිලධාරියා, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු එහි සාමාජිකයින්, මාතලේ දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගය පක්ෂයෙන් තේරීපත්වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය ඇතුළු 14 දෙනෙකු වෙත නොතිසි නිකුත් කරන ලෙස ද නියෝග කළේය.

පෙත්සම්කාර රංජිත් අලුවිහාරේ මහතා කියා සිටින්නේ ඉකුත් මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය පක්ෂයෙන් මාතලේ දිස්ත්‍රික්කය සඳහා තරඟ වැදුණු අපේක්ෂකයින්ගේ මනාප ඡන්ද ගණනය කිරීමේදී අක්‍රමිකතා සිදු වූ බවය.

ලග්ගල සහ දඹුල්ල යන ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වල සිටි සිය නියෝජිතයින් 21 දෙනකු ඉන් ඉවත්කිරීමට කටයුතු කෙරුණු බව පෙන්වා දෙන පෙත්සම්කාර රංජිත් අලුවිහාරේ මහතා මෙම මැතිවරණයෙන් සමගි ජන බලවේගය පක්ෂයෙන් තේරීපත්වූ රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය හා තමන් ලැබූ ඡන්ද සංඛ්‍යාව අතර වෙනස ජන්ද 416 ක් පමණක් බවද පෙන්වා දෙයි.

උපුටා ගැනීම – අද දෙරණ

7 Views

About slmedia

Check Also

මංතීරු නීතිය අද සිට දැඩි වෙයි – කඩකලොත් පොලිස් පංතියට

  මංතීරු නීතිය අද සිට දැඩිව කි‍්‍රයාත්මක කරන බව පොලීසිය පවසනවා. ඉකුත් 14 වනදා සිට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *