Saturday , January 16 2021
Breaking News
Home / Local News / සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මාසයේදී : උසස් පෙළ ප්‍රථිපල නිකුත් කර දිනයත් කියයි

සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මාසයේදී : උසස් පෙළ ප්‍රථිපල නිකුත් කර දිනයත් කියයි

 

 
 
 

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග බොහෝ දුරට 2021 මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිතව ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් පවසනවා.

සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මාසයේදී පැවැත්වුවහොත් මාස 03ක කාලයක් තුලදී එනම් ජුනි මාසය වන විට විභාග ප්‍රථිපල නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව විසින් කටයුතු කරනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන්  කර සිටියේ.

විභාගය මාර්තු මාසයේ පැවැත්වීමට කටයුතු කරමින් සිටින බවත්, එය තවදුරටත් කල් දැමීමට අවශ්‍ය නොවන බවයි අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.

අමාත්‍ය ජී. එල්. පීරිස් වැඩිදුරටත් කියා සිටියේ ජූලි මාසයේ සිට අ.පො.ස. උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට සිසුන්ට අවස්ථාව ලබා දීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවයි.

2021 මාර්තු මාසයේදී විභාග පැවැත්වීම සඳහා සුදුසු දින 09 ක කාලයක් පිළිබඳව තීරණය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය බලධාරීන් සහ අනෙකුත් අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවද ඔහු පවසා සිටියා.

මේ අතර ඉකුත් ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වූ අ.පො.ස. උසස් පෙළ විභාගවයේ ප්‍රථිපල මාස හතරකින් නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පවසා සිටිනවා.

විභාග දෙපාර්තමේන්තුව විසින් විභාගවල පිළිතුරු පිටපත් සලකුණු කිරීම ආරම්භ කර ඇති අතර 2021 මාර්තු වන විට   ප්‍රථිපල නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

උපුටා ගැනීම – නෙත් News

11 Views

About slmedia

Check Also

විදෙස්ගත තවත් ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

   නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව සිටි විදෙස්ගත තවත් ශ‍්‍රී ලාංකිකයින් 645 …