Saturday , October 24 2020
Home / Local News / හබරාදූව පොලීසියේ 5ක් නිරෝධායනයට

හබරාදූව පොලීසියේ 5ක් නිරෝධායනයට

ගාල්ල, හබරාදූව පොලිස් ස්ථානයේ නිලධාරීන් 5 දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන තිබේ.

ඒ එම පොලිස් ස්ථානයේ නිලධාරියෙකු ඇසුරු කළ පුද්ගලයෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීම හේතුවෙනි.
 
පසුගියදා එම පොලිස් නිලධාරියා සහභාගි වූ උත්සවයකට මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයෙකු ද සහභාගී වී ඇති අතර එම සේවකයාට කොවිඩ් නයින්ටීන් ආසාදනය වී ඇති බවට පසුව හඳුනාගෙන තිබුණි.

ඒ අනුව අදාළ පොලිස් නිලධාරියා ද පීසීආර් පරීක්ෂණයකට ලක්කර ඇති නමුත් ඔහුට වෛරසය ආසාදනය වී නොමැති බවට හඳුනා ගැනුණු බව හබරාදූව පොලීසිය පැවසුවේය.

කෙසේ වෙතත් මේ හේතුවෙන් පොලිස් නිලධාරින් නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති අතර පොලිස් ස්ථානයේ කටයුතු බාධාවකින් තොරව සිදුවන බවද එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මේ අතර නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පුද්ගලයින් 254 දෙනෙකු අද (15) නිවෙස්බලා පිටත්ව යාමට නියමිත බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඔවුන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධික්ෂණය යටතේ තවත් දින 14ක් නිවෙස් තුළ නිරෝධායනය වන බව එම මධ්‍යස්ථානය පැවසුවේය.

උපුටා ගැනීම – අද දෙරණ

12 Views

About slmedia

Check Also

පාස්කු ප්‍රහාරයේ සැකකරුගේ වෑන් රථය

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් විසින් පවත්වාගෙන ගොස් තිබූ නුවරඑළිය පුහුණු කඳවුරකට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *